පොලිසිය සහ යුධ හමුදාව එකාබද්ධව සිදු කල මෙහෙයුමකින් යුධ හමුදාව කැලැ ඇදුමට සමාන කලිසම් හතරක් සැකකරුවෙක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල, තෙල්වත්ත, තොටගමුව රන්පත් රජ මහා විහාරස්ථානයේදී මෙවර රාජ්‍ය වෙසක් උත්සවය දින දෙකකට සීමා කිරීමට රජය තීරණය කර තිබේ. බෞද්ධ උපදේශක සභාවේ පැවති සාකච්ඡාවකට අනුව මෙම තීරණය ගෙන ඇත.
ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සමරන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසයි. ප්‍රදර්ශන කුටි ද ඊට ඇතුළත් නොවන ඔහු ප්‍රකාශ කළේය. වෙසක් දින සැමරුවට ජනතාවගේ දායකත්වයක් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.
මෙවර වෙසක් පුන් පොහෝ දිනයේදී අධ්‍යාත්මික පෝෂණය උදෙසා ප්‍රමුඛතාවය ලබාදෙමින් කටයුතු කරණ ලෙස අස්ගිරි, මල්වතු පාර්ශ්ව මෙන්ම අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන්හි මහා නාහිමිවරුන්ද ඉල්ලා සිටිති.
හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාස කිරිමේ නඩුවට එක් විනිසුරුවරයෙකු සහභාගි වීමට අකැමැත්ත පළ කිරීම හේතුවෙන් පෙත්තසම සලකා බැලීම ජුනි මස 28 වන දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් කොළඹ හා මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන හා තරු පන්තියේ හෝටල් වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීමට අපොහොසත්වීම තුළින් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම 21ක් වන දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කෙරිණ.
ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සිනමා ශාලාවල මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මහජනතාව වෙත වඩාත් ගුණාත්මක, සුව පහසු හා ආරක්ෂිත ප්‍රවාහන සේවයක් සැපයීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත පසුපස උස් ඇන්ද සහිත ආසන 50කින් යුත් බස් රථ 272ක් මිල දී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවේ.
තව්හීද් ජමාද් සංවිධානයේ සැකකරුවෙකු මුදවා ගැනීමට හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිට රු. ලක්ෂ 5ක අල්ලසක් දීමට පැමිණි අයෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
අමෙරිකාවේ ක්‍රියා කලාපය හේතුවෙන් ආර්ක්ටික් කලාපීය කවුන්සිල සමුළුවේ අවසන් ප්රකාශනය නිකුත් කිරීමට නොහැකි වී ඇතැයි වාර්තාවේ.