හිම තට්ටු දියවී යාම අමෙරිකාවේ ආර්ථිකයට ගුණයි - පොම්පෙයෝ

මැයි 08, 2019

    අමෙරිකාවේ ක්‍රියා කලාපය හේතුවෙන් ආර්ක්ටික් කලාපීය කවුන්සිල සමුළුවේ අවසන් ප්‍රකාශනය නිකුත් කිරීමට නොහැකි වී ඇතැයි වාර්තාවේ.

    ගෝලීය දේශගුණික වෙනස්වීම් පිටුදැකීමේ වැඩපිළිවෙළට අමෙරිකාව එරෙහි වීම ඊට හේතුව ලෙස සඳහන්වේ. උත්තරධ්‍රැවය ආශ්‍රිත පාරිසරික හා සම්පත් කළමනාකරණය සඳහා වන ආර්ක්ටික් කවුන්සිලය 1996 වසරේ පිහිටුවා ගැනිණි. අමෙරිකාව, රුසියාව, ෆින්ලන්තය නොර්වේ, ඩෙන්මාර්ක්, ස්වීඩනය හා අයිස්ලන්තය යන රටවලට එහි සාමාජිකත්වය ඇත. මෙවර පැවැත්වෙන සැසිවාරයේදී මූලික අවධානය යොමු කෙරුණේ සීඝ්‍රයෙන් හිම තට්ටු දියවී යාම නිසා ගෝලීය පාරිසරික ප්‍රශ්න රැසක් හටගන්නා අතර දූපත් රාජ්‍යය මුහුදෙන් යටවී යාමේ අවදානම පිළිබඳවයි.

    එහෙත් ඇමරිකාව පවසන්නේ හිම තට්ටු දියවී යාම නිසා උත්තරධ්‍රැවය හරහා අලුත් නැව් මාර්ගයක් විවෘත වන බවයි. ඒ හාරහා තම වෙළෙඳ කටයුතු පුළුල් කර ගැනීමටත් අමෙරිකාවට විශාල ආර්ථික වාසි ලැබීමටත් හැකියාව ලැබෙන බව රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ආර්ක්ටික් සමුළුවේදී පවසා ඇත.

    Last modified on බදාදා, 08 මැයි 2019 09:07

    Latest News