ලංගමට නව සුඛෝපභෝගී බස් 53ක්; ආසන පනහේ බස් 272ක්

මැයි 08, 2019

    මහජනතාව වෙත වඩාත් ගුණාත්මක, සුව පහසු හා ආරක්ෂිත ප්‍රවාහන සේවයක් සැපයීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත පසුපස උස් ඇන්ද සහිත ආසන 50කින් යුත් බස් රථ 272ක් මිල දී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවේ.

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත වසර පහකින් ගෙවීමේ කල්බදු පදනම යටතේ මෙම බස් 272 මිල දී ගැනීමට නියමිතය. ඒ සඳහා එම කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 3,264ක මුදලකට සීමා සහිත අශෝක් ලේලන්ඩ් පොදු සමාගම වෙත පිරිනැමීම සිදුවේ.

    ඒ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ආසන 33කින් යුත් සුඛෝපභෝගී බස් රථ 53ක් මිල දී ගැනීමට ද අනුමැතිය හිමිව තිබේ. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව ද රුපියලි මිලියන 444ක මුදලකට අශෝක් ලේලන්ඩ් සමාගම පිරිනැමීමට නියමිතය.

    ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග විසින් මෙම යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

    Latest News