ආගම් සහ ජාතීන් අතර පවතින සහජීවනයට බාධා වන ආකාරයේ අදහස් අන්තර්ජාලය හරහා මුදා හල බවට සැකපිට අත්අඩංගුවට ගත් මහසොන් බලකාය ප්‍රධානියා අමිත් වීරසිංහ ලබන 28 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අද (15) ගාල්ලේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.
දඹුල්ල කැකිරාව ප්‍රධාන මාර්ගයේ මඩාටුගම ප්‍රදේශයේ දී අද (15) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
ත්‍රස්තවාදය ලොවෙන් අතුගා දැමීමට සියලූ රාජ්‍යයන් මිත්රශීලීව අත්වැල් බැඳගත යුතු බව ජනපති ලෝක නායකයන් ඉදිරියේ අවධාරණය කරයි.
පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරන මහතා කුලියාපිටිය කොට්ඨාසභාර නිලධාරී තනතුරේ සිට කළුතර පොලිස් විද්‍යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ ලෙස ද ස්ථානමාරුවීම් සිදුකර තිබේ.
ලිට්රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500ක් සාවද්‍ය පරිහරණ චෝදනා නඩුවේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව විත්තියේ සාක්ෂි සටහන් කර ගැනීම අද කොළඹ ත්රීපුද්ගල විශේෂ මහාධිකරණයේ දී අවසන් කෙරිණ.
රටේ පැවති තත්ත්වය සැලකිල්ලට ගෙන දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දැමු අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු එළඹෙන මැයි 20 වෙනිදා සිට නැවත ආරම්භ කිරීමට එම විශ්වවිද්‍යාලයිය පාලනාධිකාරිය තීරණය කර තිබේ.
ඊයේ වරකාපොළ ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්වූ දුෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.