ඉදිරියේදී විදුලිය කප්පාදු කිරීමට අදහස් නොකරන බවත් විදුලිය ඉතිරි කැර ගැනීමට සහයෝගය දෙන ලෙසත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා ලක්ෂ 65ක් වන විදුලි පරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.

වියදම පරිපාලනය කරලා ආදායම වැඩි කිරීමේ වැඩපිළිවෙල  අවශ්‍යයි..අයවැයක් ගැන කතා කිරීමේ දී එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී ඇති බාධක මොනවාද කියා බැලිය යුතුයි යැයි විදුලිබල, බලශක්ති සහ  ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

අමාත්‍ය රවී කරුණානායක මහතා ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් හා මිහින් ලංකා මූල්‍ය අක්‍රමිකතා ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණ තිබේ.

විදුලිබල උත්පාදනය සම්බන්ධයෙන් නිර්භීත දේශපාලන තීන්දු ගත යුතු බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

වියලි කාලගුණයෙන් ජල විදුලි නිෂ්පාදනයට බලපාන ගැටලු අවම කිරීමට කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියක් සඳහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ අවධානය යොමුවි තිබේ.

පසුගිය දිනවල දී අපි පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළා. එය බලහත්කාරයෙන් ඉදිරිපත් කළ දෙයක් නෙමෙයි.

මහින් රාජපක්ෂ ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම දේශපාලන වාසියට රට ගිනි තියන බව ඇමති රවි කරුණානායක මහතා පවසයි. 

මේ රටට විධායක ජනාධිපති ක්‍රමය සුදුසු නැහැ. ලලිත් ඇතුලත්මුදලි මහතා එදා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන ආරම්භ කරලා ඒ වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙව්වා. නමුත් තවත් ඒ සටන දිනලා නැහැ. එතුමාගේ ගෝලයින් වශයෙන් අපි අදත් ඒ සටන දියත් කරනවා යැයි, අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ලක්විජය ගල්අගුරු බලාගාරය කිසිඳු පරිසර ගැටළුවක් නොමැතිව ක්‍රියාත්මක වන බවත්, මින් ඉදිරියට කිසිම අවස්ථාක ගැටළුවක් නොවී එය ක්‍රියාත්මක කරවීමට සැම දෙනාගේම සහය ඇතිව කටයුතු කළ යුතු බවත්,  විදුලි හා බලශක්ති ව්‍යාපර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.

වානිජකරණය නිසා සමාජයේ ව්‍යාප්ත වෙලා තිබෙන මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් මුදාගන්න කඩිනමින් ක්‍රියාත්මක වියයුතුයි ඇමති රවිකරුණානායක පවසයි.