ලෝකය සමඟ ඉදිරියට යාමට අවශ්‍ය නවීන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමේ වගකීම රජය බාරගත් බව අග්‍රමාත්‍ය රනිල් වික්රකමසිංහ මහතා පවසයි.

ඇතැම් පිරිස් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් බෞද්ධාගම අවබාවිත කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

උතුරු පළාත, දකුණු පළාතේ පිලිකන්නක් නොවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

අතීතය නමැති තුවාලය පාරමින් එකිනෙකා කෙරෙහි වෛරයෙන් කටයුතු කිරීමෙන් කිසිදු පලක් නොවන බව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද (11) පාර්ලිමේන්තුවේ දී පෙ.ව 10.00ට ආරම්භ විය. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මූලාසනය ගෙන තිබුණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය, ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුවේ පූර්ණ කාරක සභාවක් ලෙසයි. පිළිගත් සම්ප්‍රදායන් හා ස්ථාවර නියෝග අනුව රැස්වීම පැවැත්වීමට කිසිදු බාධාවක් නොවන බවද නියෝජ්‍ය කතානායක්වරයා සභාව වෙත දන්වා සිටියේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කාරක සභාවේ මෙහෙයුම් කමිටු වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සභාව වෙත පිළිගැන්වීම සිදු කළේ ය.

මෙහෙයුම් කමිටු වාර්තාව ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍යවරය දැක්වු අදහස්- “ අද සභාව රැස්වෙන්නේ මෙතෙක් කල් මෙහෙයුම් කොමිටියේ සකස් කළ වාර්තා ඉදිරිපත් කිරීමට පමණයි. මෙතැන තියෙන යෝජනා අනුව තියෙන්නේ අන්තිම කෙටුම්පතක් මෙතැනට ඉදිරිපත් කරන්නයි. එදා තීරණය කළේ, විශේෂයෙන් මුළු සභාවම කොමිටියක්. නියෝජ්‍ය කතානයකට එහි මූලාසනය ගන්න පුළුවන්. කෙටුම්පතක් ගේන්න ඕන තුනෙන් දෙකේ සහයෝගය තියෙනවා නම් වාර්තා සභාවට ඉදිරිපත් කර අනාගත සැලැස්ම මේ සභාව තීරණය කරන්න.

සැප්තැම්බර් 06 තීරණයක් ගත්තා, විද්වත් කමිටුවේ වාර්තාව ඉදිරිපත් කරන්න. මේක තමයි සභාවට ඉදිරිපත් කර තිබෙන්නේ. මේ ව්‍යවස්ථා කෙටුම්පතක් දෙන්න රටක් බෙදන්න තිබුණේ නෑ. සභාවට තීරණය කරන්න පුළුවන්. හැමදාම රට බෙදනවා කියනවා. අපි ජනතා මතය අරගෙන වැඩකටයුතු කරන්නේ. අගමික නිදහස ශක්තිමත් කරන්න යෝජනා තිබෙනවා. 9 වගන්තියට අත තියන්නේ නෑ. ඒකීය රාජ්‍ය යටතේ කොහොමද බලය ලබාදෙන්නේ පළාත් සභාවලට කියලා. වාර්තා වල සුදු ඒවා අරගෙන සාකච්ඡා කරන්න පුළුවන්. මැතිවරණ ක්‍රමය සාකච්ඡා කරලා නෑ. විධායක ජනධිපති ක්‍රමයාහෝසි කිරීම, දෙවැනි වගන්තිය හා නව වැනි වගන්තිය ආරක්ෂා කිරීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. වැඩසටහන් ගණනවක් තිබෙනවා. රට බෙදන ඒවා නැ මෙතන. සභාවට බාර දී තිබෙන්නේ. සභාවට තීරණය කර තිබෙන්නේ. පක්ෂ අතර සාකච්ඡා කරන්න පුළුවන්. එතන සිට ඉදිරියට යන්නේ කොහොමද කියලා. තීරණයක් ගත්තොත් මෙහෙයුම් කමිටුව රැස්වෙයි. විවෘතව කරන්න. වහගෙන කරන්න අවශ්‍ය නෑ. විවිධ මත එන්න පුළුවන්. විශේෂයෙන් ම සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා - මේවා අධ්‍යයනය කරනන් දින කීපයක් ඕන.

අගමැති - සභාව තීරණය කරන්න - අපිට එවිට කෙටුම්පතක් හදන්න පුළුවන්. මෙකෙන් පස්සේ අවශ්‍ය නම්
විවාදයක් කරන්න

විපක්ෂ නායක - වාර්තා අධ්‍යයනය කරන්න ඕන විවාදයක් කරන්න.

අගමැති - දැන් කෑ ගහන්න බෑ රට බෙදන ලියවිල්ලක් තියෙනවා කියලා කෑ ගහන්න බැරි වෙලා දැන් දේශපාලනය කරන්න බෑ.

විපක්ෂ නායක - මේ ගැන විවාද කරන්න අවස්ථාවක් තිබෙන්න ඕන. ජනතාවගේ සුජාත බවක් තිබෙන්න ඕන. එවැනි තත්ත්වයක් ගැන සැකයක් තිබෙනවා. ඡන්දය ප්‍රමාද කරලා. ජනතා අඳහස් පළ කරන්න අවස්ථාවක් දී නෑ. පාර්ලිමේන්තුව හා ජනතාව රවට්ටලා මේ වැඩේ කරන්න එපා.

අමාත්‍ය මංගල සමරවීර මහතා- 19ට සියලු දෙනාම වගේ ඡන්දය දුන්නා.

මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා - අපි භායනක සංශෝධන ඉවත් කළා.

අගමැති - හැමෝටම පොදුව වැඩ කරන්න ඕන කියලා විපක්ෂ නයකතුමා කී දෙය පිළිගන්නවා. අපි විවාදයක් පවත්වනු

විපක්ෂ නායක - මේ පාර්ලිමේන්තුවේ කරන්න බෑ. සුජාතභාවයක් නැති නිසා. මැතිවරණයට එන්න. අපේ යෝජනා අපි ගේන්නම්. ජනතාවට තීරණය ගන්න දෙන්න.

හිටපු විපක්ෂ නායක මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා - මුස්ලිම් බර්ගර් කුමන ජාතියක් වුනත් රට කෙරේ අයිතියක් තිබෙනවා. එක්සත්ව සිටිය යුතුයි, විවිධත්වය තුළ. අපි ශ්‍රී ලංකික ජාතියක් ඇති කරන්න බැරි වෙලා. මේ ව්‍යව්ස්ථාවෙන් අපි බලාපොරොත්තු වන්නේ මිනිසුන් එකතු කිරීමටයි. සමහර අය සිතනවා දේශප්‍රේමින් කියලා. මම හිතන්නේ ඔවුන් ව්‍යාජ දේශප්‍රේමීන්. ඔවුන් බහුතරයේ ජනප්‍රියභාය වෙනුවෙන් වැඩකරනවා. ව්‍යාජ දේශප්‍රෙමීත්වයත් දූෂණයත් අතර සබදතාවයක් තිබුණා. ඔවුන්ගේ ක්‍රියාවන් නිසා රට දුප්පත් වෙලා. මිනිසුන් වෙනුවෙන් ඔවුන් වැඩකරනවා කියලා කියන්නේ කොහොමද. ඔවුන් දේශප්‍රේමීත්වය ආයුධයක් ලෙස භවිතා කරනවා.

මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා - මෙය මෙහෙයුම් කමිටු යෝජනාව. ව්‍යවස්ථාවක් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව වෙනස් කළ යුතුයි කියන මතයේ ඉන්නවා. අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන දේශපාලන ව්‍යාපරයක්. ඡන්ද ක්‍රමය ගැන, බලය බෙදා දීම ගැන, විධායක ජනාධිපති ක්‍රමය ගැන මෙහෙයුම් කමිටුවට එකඟතාවයකට එන්න බැරි වී තිබෙනවා. මේ වාර්තා කෙටුම්පතක් නොවේ. මෙය සම්පාදනය කරන හා අනුමත කරන ක්‍රියාවලියක් තිබෙනවා. ෆෙඩරල් ව්‍යවස්ථාවක් හැදෙනව කියන්නේ කොහොමද? රටට අසත්‍ය තොරතුරු කියනවා. නැවත ජාතිවාදය වැපිරවීමේ ක්‍රියාවලියක යෙදෙනවා.

ඒකීය ශ්‍රී ලංකාවක් තුල සෑම පුරවැසියෙකුටම සාධාරණය ඉටු වන දේශපාලන ව්‍යුහයක් නිර්මාණය කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසයි.