එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ නමින් නව සන්ධානයක් ලබන මස 05 වන දා බිහි කරන බවත්, රටේ අනාගතයට ගැලපෙන නව ප්‍රතිපත්ති පදනම් කර ගනිමින් නව පෙරමුණ යටතේ ඉදිරි මැතිවරණ සඳහා තරග කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මොණරාගල දිස්ත්‍රික්කයේ කළ සංචාරයේදී මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයේ දුලාංජලී දිසානායක සිසුවිය කළ ඉල්ලීම අනුව මාසික ශිෂ්‍යධාරයක් පිරිනැමිම ඊයේ සිදුකෙරිණ.

මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සංඝරත්නය සම්බන්ධව කළ ප්‍රකාශය පිළිබඳව පැහැදිලි කිරීමක් මේ මස 21 ට පෙර ලිඛිතව ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටි. ඔහු දැක්වු අදහස පක්ෂක නායකත්වයේ හා පක්ෂයේ අදහස් සමග පරස්පර බවද එම නිවේදනය මගින් දැනුම් දී ඇත.

තම පවුලේ සාමාජික සාමාජිකාවන් පාරම්පරිකව බෞද්ධ විහාරස්ථාන හා සමීපව කටයුතු කරමින් ඒවා ගොඩනැංවීමට හා සංවර්ධනය කිරීමට දායකත්වය දැක්වූ බවත් එමගින් පෙන්වා දි තිබේ. එවැනි පසුබිමෙක රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශයේ සඳහන් කරුණු අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා වශයෙන් ද තරයේ ප්‍රතික්ෂේප කරණ බවත් අවධාරණය කර ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රන්ජන් රාමනායක මහතා වෙත යොමු කළ ලිපිය

රන්ජන් රාමනායක මහතා,
මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

හිතවත් රාජ්‍ය අමාත්‍යතුමෙනි,

ශ්‍රී ලංකාවේ විහාරස්ථානයන්හි වෙසෙන මහා සංඝරත්නය සම්බන්ධයෙන් මෑතකදී ඔබ දැක්වූ අදහස් පිළිබඳව මගේ දැඩි අවධානය යොමු වී ඇත. මහා සංඝරත්නය විෂයයෙහි ඔබ දැක්වූ එකී අදහස් පිළිබඳව පැහැදිලි කිරීමක් 2019 ජූලි 21 වන දා ට පෙර මා වෙත ලිඛිතව යොමු කරන මෙන් මෙයින් දන්වා සිටිමි.
ඔබ පළ කර ඇති අදහස් පක්ෂක නායකත්වයේ හා පක්ෂියේ අදහස් සමග පරස්පර බවද මෙහිලා අවධාරණය කරනු කැමැත්තෙමි.
පාරම්පරිකව අප පවුලේ සාමාජික සාමාජිකාවන් බෞද්ධ විහාරස්ථාන හා සමීපව කටයුතු කරමින් ඒවා ගොඩනැංවීමට හා සංවර්ධනය කිරීමට දායකත්වය දැක්වූවෝ වෙති. කැළණිය රජමහා විහාරය, ගංගාරම විහාරය ප්‍රමුඛ විහාරස්ථාන ගණනාවක විහාරාධිපති ස්වාමීන්වහන්සේලා සහ අනෙකුත් ස්වාමීන්වහන්සේලා වෙත සිව්පසය සපයමින් ඔවුන්ගේ අධ්‍යයන හා ශාසනික කාර්යයන් සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙමින් සමීපව කටයුතු කරන්නෙමු.
එවැනි පසුබිමෙක ඔබේ ප්‍රකාශයේ සඳහන් කරුණු අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා වශයෙන් ද තරයේ ප්‍රතික්ෂේප කරන බවද අවධාරණය කරනු කැමැත්තෙමි.

මෙයට,
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය

2019. 07. 15

 

ධනපතියන්ට සහ මුදලාලිවරුන්ට පමණක් සීමාවි තිබූ ඉඩම් අයිතිය රටේ පොඩි මිනිහාටත් ලබාදීම එක්සත් ජාතික පක්ෂ්යේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) නාවලපිටියේදී පැවසීය. ඒ අනුව රටපුරා සාමාන්‍ය ජනතාවට ඉඩම් ඔප්පු දස ලක්ෂායක් ලබාදීමේ ජාතික වැඩසටහන ආරම්භ කර තිබෙන බව ඔහු කියා සිටියේය.

ඉඩම් ඔප්පු ලබාදීම යටතේ රටේ සාමාන්‍ය ජනතාවට තමන්ගේ ඉඩමක් ආඩම්බරයෙන් භුක්ති විඳීමට හැකි පරිසරය එක්සත් ජාතික පක්ෂ‍ය විසින් සකසා තිබෙන බවත් ඉදිරියේදී රජයේ ඉඩම්වල වසර 10 ක් අඛණ්ඩව ජීවත් වූ ජනතාවට සින්නක්කර අයිතිය ලබාදීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

අද (13) නාවලපිටිය මධ්‍යම මහා විද්‍යාලයීය ක්‍රීඩාපිටියේ පැවැති ඉඩම් ඔප්පු බෙදාදීමේ වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේය.

"2015 වසරේ අප ආණ්ඩු බලය භාරගත් පසු ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ආරම්භ කළා. අද අපි එම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටිනවා. මෙහි මීළඟ අදියර වන්නේ රටේ සාමාන්‍ය ජනතාව වන ඔබට ඔබේම ඉඩමේ සින්නක්කර අයිතිය ලබාදීමයි. වසර 10 ක් අඛණ්ඩව රජයේ ඉඩමක් භුක්තිය විදි ඔබට මෙම ඉඩම සින්නක්කරවම පවරාදීමට අපි කටයුතු කරනවා. ඒ හරහා තමන්ගේම ඉඩමක් ආඩම්බරයෙන් භුක්ති විඳීමට ඔබට හැකියාව ලැබෙනවා.

අද සිට ඔබට කිසිවෙකු පිටුපස යන්නට සිදුවන්නේ නැහැ. ඉඩම් බලපත්‍රය ඉඩම් ඔප්පුවක් කර ගැනීමට කාටවත් මුදල් ලබාදෙන්නට සිදු වන්නේ නැහැ. තමන්ගේ ඉඩමට ඔප්පුවක් නොමැති වීමෙන් ඔබට අනාගතය පිළිබඳ විශාල සැකයක් තිබුණා. නමුත් අපේ රජය යටතේ ඔබට අනාගතය පිළිබඳ වූ සැකය දුරුකර තිබෙනවා. අපේ ආණ්ඩුව යටතේ රටේ පොඩි මිනිහාටත් ඉඩම් අයිතිය ලබාදීමේ ව්‍යාපෘතිය අපි ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ රට පුරා මෙම වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රටේ විවිධ ව්‍යාපාර ආරම්භ කිරීමට මුදල් ලබාදීමට අපේ ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් ආරම්භ වූ වෙළෙඳ ආර්ථික ක්‍රමය වත්මන් එක්සත් ජාතික පක්ෂව රජය යටතේ සාර්ථකව ඉදිරියට ගෙන යනවා" අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදුනී.

රාජ්‍ය ව්‍යවසායක, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්ජමන් කිරිඇල්ල මහතා.....

බ්‍රීතාන්‍ය පාලකයින් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව කන්ද උඩරට සහ මේ ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් වතු පාලනයට යට වුණා. නිදහසින් පසු සියලූම රජයන් ජනතාවට ඉඩම් ලබාදීමට කටයුතු කර තිබුණත් එහි විශාල අඩුපාඩුවක් තිබුණා. එනම් එම ලබාදෙන ඉඩම් ඔප්පු සඳහා නිසි ඔප්පුවක් නොතිබීමයි. ණයක් ගන්න, ව්‍යාපාරයක් ආරම්භ කිරීම, දරුවෙකුට දෑවැද්දකට ලබාදීම ආදී කිසිම ප්‍රයෝජනයක් එම ඉඩමෙන් ගැනීමට අපේ ජනතාවට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් අද අපේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා මෙම ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීමට කටයුතු කර තිබෙනවා. 16 වන සිවසේ සිට මුස්ලිම් ජනතාව ශ්‍රී ලංකාවේ ජීවත් වුණා. මෙය තමයි අපේ ඉතිහාසය. අතීතයේ සිට සුළු ජාතීන්ට සැලකීම පිළිබඳව අප ආදර්ශ ලබාදී තිබෙනවා. නමුත් මැදමූලන දර්ශනය තුළ නම් සුළු ජාතීන්ට සලකන ආදර්ශය නොමැති බව අද අපට පෙනී යනවා.ශ්‍රී ලාංකීක අනන්‍යතාවය මත සියළු ජාතීන් ඉදිරියට යා යුතුයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය එයයි. ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් විය යුතු බවත් මෙහිදී පැවසිය යුතුයි.

ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා......

"අග්‍රාමාත්‍යතුමා දස ලක්ෂයක ඉඩම් ඔප්පු දෙන ජාතික වැඩසටහන ක්‍රියාවට නංවන බවට ඔබට පොරොන්දු වුණා. අපි සීඝ්‍රයෙන් එම වැඩකටයුත්ත සාර්ථක කරගනිමින් ඉදිරියට යනවා. ඉදිරි මාස කිහිපය තුළ මෙම කටයුත්ත සාර්ථකව අවසන් කිරීමට අපි කටයුතු කරනවා. අගමැතිතුමා ලබාදුන් තවත් පොරොන්දුවක් වන්නේ රජයේ ඉඩමක් වසර 10 ක් අඛණ්ඩව භුක්තිය විදි ඔබට සින්නක්කර අයිතිය ලබාදීමයි. එම වැඩකටයුත්තත් අපි ඉදිරියේදී ඉටු කරනවා. ඔබේ ඉඩමේ නියම අයිතිය ලැබීමට නම්, පාසලට දරුවා ඇතුළත් කිරීමට නම්, බැංකුවකට යෑමට නම් ඔබට ඔප්පුවක් අවශ්‍යයි. අද අග්‍රාමාත්‍යතුමාගේ ඉඩම් ඔප්පු දස ලක්ෂනයේ ඉලක්කය නිසා ඔබේ එම වැඩකටයුතු සාර්ථක වී තිබෙනවා. අද ඔබට අභිමානයෙන් ජීවත්වීමට අවශ්‍ය වාතාවරණය එතුමාගේ ප්‍රධානත්වයෙන් අපි සකසා දී තිබෙනවා."

සෝෆා නමින් ගිවිසුමක් අත්සන් කර නොමැති බවත් රටේ පරමාධිපත්‍යයට, ස්වාධිපත්‍යයට හානිවන කිසිම දෙයක් සිදු කර නොමැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ස්වාධීන හානි පූර්ණ කාර්යාලයක් හරහා පාස්කු ප්‍රහාරයට මුහුණදුන් ජනතාවට වන්දි ලබාදීමට ඉදිරියටත් ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රටට ශක්තිමත් ආණ්ඩුවක් නැතැයි අද චෝදනා කරන පිරිස්, එදා ශක්තිමත් ආණ්ඩුවක් තබාගෙන වසර 21 ක් ගත වන තෙක් පවුල් ලක්ෂ් 6 කට සමෘද්ධිය ලබාදීමට නොහැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) හෝමාගම දී පැවසීය.

ව්‍යවස්ථානුකූලව අග්‍රමාත්‍යවරයාට පැවරී ඇති බලතල ව්‍යවස්ථාව උල්ලංඝනය නොකර ක්‍රියාත්මක කරලීම කිසිදු ගැටුමකට හෝ විරසකයකට හේතුවක් විය නොහැකි බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සියා සිටි.

ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබා දීමට ජපානය සූදානම් බව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටොෂිකෝ අබේ මහත්මිය අද ප්‍රකාශ කළා.

ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍යය පාවා දීමට කිසි විටෙකත් කටයුතු නොකරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.