මෙරට සෑම ආගමකම ශ්‍රී ලාංකික අනන්‍යතාව අන්තර්ගත වී තිබෙන බැවින් එම අනන්‍යතාව අන්තවාදයට විනාශ කර දැමීමට ඉඩ නොදී ආරක්ෂා කිරිමට සෑම පියවරක්ම ගත යුතු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ප්‍රතිත්‍රස්ත පනතට ගෝනිබිල්ලෙක් මවන අය ගෝලීය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නීතිරාමුව ශක්තිමත් කරමින් එකමුතුව අත්වැල් බැදගෙන ත්‍රස්තවාදයට මුහුණ දිය යුතු බව ඔහු කියා සිටියේය. ප්‍රචණ්ඩත්වයයි අන්තවාදයයි තහනම් කරන්න ලැස්තියි. මේ කෙටුම්පතට මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට හැකියාවක් නොමැති බවත් පෙන්වාදුනි.

අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විමසූ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා අද (8) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානයක මහතා- අයි එස් අයි එස් සංවිධානය මෙරට අය සමඟ සම්බන්ධත තබා ගෙන සිටි බවට දැන සිටියේ ද? ඔවුන් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ ද අයි එස් අයි එස් විදෙස් අය මෙරටට පැමිණ තිබේද?

ශ්‍රී ලංකා වාසී ජනතාව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා එක්ව කටයුතු කරන ලෙස බව පැවසූ වික්‍රමසිංහ මහතා ඒ අපේක්ෂාවන් ඉටුකරලීම සඳහා කඩිනමින් ප්‍රතිත්‍රස්ත පනත පොදු එකඟතාවයකින් සම්මත කර ගැනීමට සහාය වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව පැවසීය.

ගරු කතානායකතුමනි,

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාපසුගියදා සිදුවූ  ප්‍රහාර මාලාවෙන් අනතුරුව කිහිප වාරයක්ම ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවත් ජනතාවත් දැනුවත් කිරීමට මා පියවර ගත්තා. එසේම, ඊයේ දිනයේ මේ පිළිබඳව සවිස්තරාත්මක ප්‍රකාශයක් මා පාර්ලිමේන්තුවේදී සිදු කළා. පොලිස්පතිතුමා විසින් ඉදිරිපත් කරන ලද වාර්තා සභාගත කිරීමටත් කටයුතු කළා.

මා ඊයේ දින සිදුකරන ලද ප්‍රකාශයේ දී මෙම ප්‍රහාරවල පසුබිම මෙන්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක කටයුතු පිළිබඳව දීර්ඝ විස්තරයක් සිදු කළා. ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් අසන ලද මුල් ප්‍රශ්න 05 සඳහාම පිළිතුරු මගේ එම ප්‍රකාශයේ සවිස්තරාත්මකව සඳහන් වෙනවා. එම නිසා එම ප්‍රශ්න සඳහා නැවත පිළිතුරු දීමට මා බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ සම්බන්ධව පොලිස්පතිතුමා විසින් මා වෙත ලබා දී ඇති වාර්තාවක් මා සභාගත කරනවා.

ගරු කතානායකතුමනි,

එවකට යාපනය නගරාධිපතිව සිටි ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතා 1975 වසරේ ජූලි මාසයේ ඝාතනය කිරීමත්  සමඟ ආරම්භ වූ ත්‍රස්තවාදී කටයුතු පාලනය කිරීමට අවශ්‍ය නීතිරීති අපට තිබුණේ නැහැ. දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන පමණයි පැවතුනේ. ඒ අනුව තමයි 1979 වසරේදී අප ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හඳුන්වා දුන්නේ. ශ්‍රී ලංකාවේ අප සම්මත කළ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 02 වන වගන්තියෙන් ත්‍රස්තවාදය වරදක් ලෙස අර්ථ නිරූපනය කළා. නමුත් මෙය ශ්‍රී ලංකාවේ භූමිය තුළ කරන වැරදි වලට පමණක් සීමා වුණා.

1971 උතුරු අයර්ලන්තයේ ත්‍රස්තවාදී කටයුතු ආරම්භ වන විට ඒවා මර්ධනය කිරීමට එංගලන්තයට නීති තිබුණේ නැහැ. 1974 එක්සත් රාජධානියේ ත්‍රස්තවාදය වැළැක්වීම තාවකාලික විධිවිධාන පනත අනුවත් බලය තිබුනේ උතුරු අයර්ලන්තයට සම්බන්ධ ත්‍රස්ත ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කිරීමට පමණයි. 2000 වර්ෂයේ සිට 2015 දක්වා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ත්‍රස්තවාදය මර්ධනය සඳහා අණපනත් ගණනාවක් හඳුන්වා දුන්නා. මෙහිදී ඔවුන් උතුරු අයර්ලන්තයේ ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී කටයුතු මැඩලීමට මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ත්‍රස්තවාදී කටයුතු මර්ධනය සඳහාත් ප්‍රමුඛත්වය දුන්නා. එම අණපනත්වල ලේඛනයක් මම සභාගත කරනවා.

විශේෂයෙන්ම 2001 සැප්තැම්බර් 11 ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට පහර දීමත්, 2005 ජූලි 07 වෙනිදා ලන්ඩන් බෝම්බ සිද්ධියත් ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය ක්‍රියාමාර්ග ගැනීම සඳහා බලපෑවා. 2000 වර්ෂයේ පනවන ලද ත්‍රස්ත පනත පළවෙනි වතාවට ත්‍රස්තවාදය යන්නට පුළුල් අර්ථ කථනයක් ලබා දුන්නා. 2001 සැප්තැම්බර් 11 සිදුවීමෙන් පසුව 2001 වසරේ එක්සත් රාජධානියේ ප්‍රතිත්‍රස්ත, අපරාධ හා ආරක්ෂක පනත සම්මත කළා. 2006 ත්‍රස්තවාදී පනත, 2005 ජූලි 07 ලන්ඩන් බෝම්බ සිද්ධියෙන් පසුව ත්‍රස්තවාදී කටයුතු වීරකම් ලෙස හුවා දැක්වීම වරදක් බවට නීති සකස් කළා. Glorifying the Terrorism was made an offence. එසේම ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ නිරූපණ කිහිපවතාවක් සංශෝධනය කළා.

ගරු කතානායකතුමනි,

අද අප මුහුණ දෙන්නේ සාම්ප්‍රදායික ගරිල්ලා යුද්ධ උපක්‍රම වලට නොවේ. අද යුද්ධය සාම්ප්‍රදායික යුධ භූමියෙන් එහාට ගොස් තිබෙනවා. ත්‍රස්තවාදියෙක් වාහනයක් පදවාගෙන ගොස් මිනිසුන් සමූහයක ජීවිත හානි සිදුකළහොත් එය තවදුරටත් මෝටර් රථ වාහන පනත යටතේ වන වරදක් ලෙස සැලකීමට නොහැකියි. එය ත්‍රස්තවාදී ක්‍රියාවක්. දඩුවම් ලබා දිය යුත්තේ එම ත්‍රස්තවාදී වරදටයි.  ඒ නිසයි මේ අලුත් තත්ත්වයන්ට මුහුණදීමට ප්‍රතිත්‍රස්ත පනත සකස් කිරීමට අවශ්‍ය වුණේ. ඒ වගේම, ගෝලීය ත්‍රස්තවාදයට මුහුණදීමට ශ්‍රී ලංකාවේ නීති ප්‍රමාණවත් නොවන නිසා තමයි ප්‍රතිත්‍රස්ත පනත කෙටුම්පත් කළේ. මේ සඳහා මූලික සාකච්ඡා වට ගණනාවක් අප පැවැත්වූවා. 2016 වසරේ ගරු සාගල රත්නායක මැතිතුමා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ විශේෂඥයන්ගේ සහාය ඇතිව මේ පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් සම්පාදනය කළා. එයට එවකට ආරක්ෂක ලේකම්, නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්, පොලිස්පති මෙන්ම එවකට අතිරේක සොලිසිටර් ජෙනරාල් ඇතුලු විද්වතුන් පිරිසක් දායක වුණා.  එය පදනම් කරගෙන නීති කෙටුම්පත් සම්පාදක පනත කෙටුම්පත් කළා. අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශ අනුව එය ගැසට් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එය දැන් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටුවේ නිර්දේශ සඳහා ඉදිරිපත් කර තිබෙන්නේ. දැන් ඒ සම්බන්ධ කටයුතු විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඇමතිතුමා විසින් සිදු කරනු ලබනවා.

මේ කාලය තුළ නොයෙකුත් හේතු නිසා මේ කාරණාවට බාධා සිදු වුණා. ස්වභාවික ආපදා, ව්‍යසන වගේම 2018 ඔක්තෝබර් 26 දේශපාලන කුමන්ත්‍රණ ආදී මේ හැමදේම විවිධාකාරයෙන් බලපෑම් එල්ල කළා. අද විවිධ නීති විශාරදයන්, සමහර අය වැස්සකටවත් උසාවියකට ගොඩ නොවූ නිතීඥවරු, ගෝලීය ත්‍රස්තවාදය වැළැක්වීමට ශ්‍රී ලංකාවේ පවතින නීති ප්‍රමාණවත් යැයි පවසනවා.

ගරු කතානායකතුමනි,

ප්‍රශ්නය වන්නේ විදේශයක දී කළ ත්‍රස්තවාදී කටයුත්තක් සඳහා නඩු පැවරීමටත්, ඒ සඳහා සාක්ෂි රැස් කිරීමටත් අපට පුළුවන් ද යන්නයි. ත්‍රස්තවාදීන්ට සහන පැකේජයක් ලබාදීම ලෙස ප්‍රතිත්‍රස්ත පනත හඳුන්වන අයත්, ඒ වගේම ප්‍රතිත්‍රස්ත පනත හරහා ගෝනිබිල්ලන් මවන අයත් දෙගොල්ලන්ම කරන්නේ ගෝලීය ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක්.

මම මේ යෝජිත ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පතේ, පනත අදාළ වීම පිළිබඳ කියවෙන දෙවැනි වගන්තියේ කොටසක් කියවන්න කැමතියි.

“2. (1) (අ) ශ්‍රී ලංකා ජනරජයට අයත් දේශය තුළ හෝ ඉන් පිටත දී මේ පනත යටතේ වරදක් සිදු කරන ලබන ශ්‍රී ලංකාවේ යම් පුරවැසියෙකුට ;

(i) ශ්‍රී ලංකාව තුළ දී සම්පූර්ණයෙන්ම හෝ කොටසක් හෝ සිදු කරන යම් තැනැත්තෙකුට;

(ii) ශ්‍රි ලංකාවේ දේශීය ජල තීරය තුළ දී හෝ එයට ඉහළින් සිදු කරන යම් තැනැත්තෙකුට;

(iii) ශ්‍රී ලංකාවේ ගුවන් තලයේ සිදු කරන යම් තැනැත්තෙකුට;

(iv) ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ශ්‍රී ලංකා රජයට අයත් හෝ ශ්‍රී ලංකා රජය විසින් භාවිතා කරනු ලබන හෝ කරන ලද හෝ ගුවන් යානයක හෝ නැවක සිට හෝ එබඳු ගුවන් යානයක් හෝ නැවක් සම්බන්ධයෙන් හෝ සිදු කරන යම් තැනැත්තෙකුට;

එසේම මම මේ යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ තුන්වෙනි වගන්තියේ ත්‍රස්තවාදී වරද සම්බන්ධ නිර්වචනය ඉදිරිපත් කරන්න කැමතියි.

“ 3. (1) (අ) ජනගහනයක් බිය ගැන්වීමේ අරමුණින් යුතුව;

(ආ) යම් ක්‍රියාවක් සිදු කිරීමට හෝ සිදුකිරීම වැළැක්වීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හෝ වෙනත් යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙස හෝ නීති විරෝධී ලෙස පෙළඹවීමේ අරමුණින් යුතුව;

(ඇ) එවැනි යම් ආණ්ඩුවක්, කටයුතු ඉටු කිරීම වැළැක්වීමේ අරමුණින් යුතුව; හෝ

(ඇ) ශ්‍රී ලංකාවේ හෝ වෙනත් යම් ස්වෛරී රටක භෞමික අඛණ්ඩතාවයට හෝ ස්වෛරීබවට හානි සිදුකිරීමේ අරමුණින් යුතුව,

(2) වන උපවගන්තියේ සඳහන් යම් ක්‍රියාවක් සිදුකරනු ලබන යම් තැනැත්තෙකු ත්‍රස්තවාදී වරදට වරදකරු වන්නේය.”

I would like to remind that there are ongoing conflicts with competing power centres in Syria.  The USA, Russia, Turkey etc., have all intervened.   We also do not want to get drawn into such a situation.  Therefore, the Defence Lawyers can contend that there is no central power or authority in Syria and this provision does not apply to a civil conflict intertwined with terrorism.

But Section 3 of the Counter Terrorism Bill states …. “Intimidating a population” and Section 2.1 ….

Therefore, it is clear that all those who have returned from Syria are within the ambit of the Counter Terrorism Bill. 

ගරු කතානායකතුමනි,

මම අහන්න කැමතියි මේකේ ත්‍රස්තවාදීන්ට දෙන සහන පැකේජය මොකක්ද කියලා. ප්‍රභාකරන්ට පස්සේ එල්ටීටීඊ නායකයා වෙච්චි කේ.පී. ලංකාවට ගෙනල්ලා සියලු සැප සම්පත් දුන්නු එකයි සහන පැකේජය. මේකේ කිසිම ත්‍රස්තවාදියෙකුට සහන පැකේජයක් නැහැ. ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයක දී සිදු කරන ත්‍රස්තවාදී ක්‍රියාවන් ලංකාවේ නීතියට අනුව වරදක් බවට පත් කිරීමට අවශ්‍ය පසුබිම මේ තුන්වෙනි වගන්තියේ නිර්වචනය මඟින් ඇති කරලා තියෙනවා. ඒ නිසා ගෝනිබිල්ලෙක් මවා පෑමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ නිසා අප විසින් සිදු කළ යුත්තේ පටු දේශපාලන භේද මති මතාන්තර පසෙක තබා පවතින නීති රාමුව ශක්තිමත් කර ගනිමින් එකමුතුව ත්‍රස්තවාදයට මුහුණ දීමයි. අද ශ්‍රී ලංකාවේ ජනතාව මේ පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන් 225 දෙනාගෙන් ඉල්ලා සිටින්නේ එයයි. ඒ සඳහා ප්‍රතිත්‍රස්ත පනත පොදු එකඟතාවයෙන් ඉදිරි දිනක දී සම්මත කරගැනීමට සහාය වන ලෙස මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

මීට අමතරව තවත් නීති වුවමනා වනවා නම් අප එම නීති ද සම්පාදනය කිරීමට පියවර ගත යුතුයි. ප්‍රචණ්ඩත්වය හා අන්තවාදය නැති කිරීමට අප සූදානම්. මෙම ප්‍රතිත්‍රස්ත පනතේ වගන්ති පිළිබඳව ගැටලු තිබෙනවා නම් ඒ ගැන අප සාකච්ඡා කර සංශෝධන ඉදිරිපත් කරමු.

නමුත් මෙහි දෙවන සහ තුන්වැනි වගන්ති මෙම නීතියට ඇතුළත් කළ යුතුයි. මේ අනුව මෙම ප්‍රතිත්‍රස්ත පනත සම්මත කර ගැනීමට අප එක්ව පියවර ගනිමු.

ජනජීවිතය යථා තත්වයට ගැනීමට ගත හැකි සියලු පියවරක්ම ගන්නා අතර රටේ ආරක්ෂාව තහවුරු කර බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් පැවසී ය. ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීමට සියලු රටවල් ජාත්‍යන්තර වශයෙන් එකතු විය යුතුයි යැයි ඔහු කියා සිටියේය.

තවදුරටත් අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

මේ වනවිටරටේ ආරක්ෂක තත්ත්වය යහපත් තත්වයට ගෙන ඒමට හැකි වී තිබෙනවා. දැන් තිබෙන්නේ, ප්‍රහාරකයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ අය අත් අඩංගුවට ගැනීමයි. ත්‍රිවිධ හමුදාපතිවරු හා පොලිස්පති මධ්‍ය දැනුවත් කළා. මේ ප්‍රහාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාදුන් වර්තාව සභාගත කරන්නම්. මඩකළපුව උසස් අධ්‍යාපන ආයතනය පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියා. හානි වූ දේපළ වෙනුවෙන් වන්දි මුදල් ගෙවීමට මුදල් ලබාදෙනවා. ජීවිත හානිවල මූලික වන්දි ගෙවීම සිදු කළා. හානියට පත් වූ දේවස්ථාන පිළිසකර කරනවා.

ජනජීවිතය යථා තත්වයට ගැනීමට ගත හැකි සියලු පියවරක් ම ගන්නවා. පාසල් දරුවන්ගේ පැමිණීම යහපත් තත්ත්වයට පත් වේ යැයි බලාපොරොත්තු වෙනවා. අනතුරු සම්පූර්ණයෙන් ම පහව ගොස් නැහැ. අප ගොඳුරු වී ඇත්තේ ගෝලීය ත්‍රස්තවාදයටයි. ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීමට සියලු රටවල් ජාත්‍යන්තර වශයෙන් එකතු විය යුතුයි.

ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීමට ජාත්‍යන්තර සහයෝගය ලබාගත යුතුයි.රටේ ආරක්ෂාව තහවුරු කරනවා. ජනජීවිතය කඩාකප්පල් කර තම පටු දේශපාලන අරමුණු ඉටු කිරීමට අප ඉඩ දෙන්නේ නෑ.විමසිල්ලෙන් කටයුතු කළ යුතුයි. ඒ සඳහා අත්වැල් බැදගන්නා ලෙස පාර්ලිමේන්තුවේ සැමගෙන් ඉල්ලා සිටිනවා.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා විසින් රටේ වත්මන් තත්ත්වය සම්බන්ධව ඉදිරිපත් කළ වාර්තාවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

ඊයේ (05) දින මීගමුවේ දී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොදු සහ පුද්ගලික දේපළවලට අලාභහානි සිදු වී ඇති බව වාර්තා වන්නේ යැයි අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය නිකුත් කරමින් කියා සිටි. 

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම් මිගෙල් ඇන්හෙල් මොරටිනෝස් මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර තිබේ.

සාමය අගයන රටේ ජනතාවගේත්, ලොව සියළු රාජ්‍යයන්ගෙත්, පූර්ණ සහය ලබා ගෙන ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ඇමරිකානු එක්සත් ජනපදයේ 'මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් ලබා දීමට තීරණය කර තිබේ.

ජාත්‍යන්තර සහයෝගය ලබාගෙන ත්‍රස්තවාදය නැති කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසී ය.

උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(15) පෙරවරුවේ නුවරඑළිය බඹරකැලේ ශ්‍රී මහා විහාරයට ගොස් තිබේ. 

නගර සභා, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මගින් සංවර්ධනයක් හෝ ජනතා සේවයක් සිදු නොවන බව අවබෝධ කරගත් විපක්‍ෂය, තම බලය‍ේ ඇති ආයතන ප්‍රති‍ක්‍ෂේප කරමින් මුදල් වෙන් කරන වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.