රට තුළ නව ආයෝජන ඇති කිරීමට අවශ්‍ය පසුබිම මේ වනවිට සකස් කර ඇති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා කඩිනමින් නම් කරන ලෙස ඉල්ලා පක්‍ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තමන් ලිඛිතව දැනුම් දුන් බව, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීන්වරයෙකු පොදු අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු යැයි ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (14) රාත්‍රී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේදී පවත්වා තිබේ.

2015 යහපාලන වැඩපිළිවෙළේ දිගුවක් ලෙස සලකා මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව කටයුතු කළ යුතු බව පූජ්‍ය දඹර අමිල හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව කියා සිටියේ සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අධ්‍යාපනය දියුණු කරන බවට පොරොන්දු ලබාදෙන පිරිස්, බලයේ සිටි කාලයේ අධ්‍යාපනය දියුණු කිරීමට කටයුතු නොකළේ ඒ සඳහා ඔවුනට දක්‍ෂතාවක් නොතිබූ නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) මන්නාරම දී පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාව අද (10) රාත්‍රියේ පැවැත්වීමට නියමිත බව රාජ්‍ය ඇමති නලීන් බණ්ඩාර මහතා පවසයි.

19 වන ශත වර්ෂයේ ඇරඹූ බ්‍රිතාන්‍ය ආර්ථික ක්‍රමය තුළ තවදුරටත් සිරවී සිටිය නොහැකි බව පෙන්වා දෙන අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අලූත් ආර්ථිකයක් වෙත රට යොමු කළ යුතු බව අද (10) කොළඹදී පැවසීය.

දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් පුහුණු ගුරුවරුන් බිහි කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී පැවසීය.

යළි යුද්ධයක් ඇති නොවීමට සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතු බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.