පාර්ලිමේන්තුව අද යළි රැස්වීමට නියමිතයි.

අද ප.ව 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරිම සඳහා අගවිනිසුරුවරයා විසින් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

පාර්ලිමේන්තුව රැස්වන හෙට (27) දිනයේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා තැබීමට තීරණය වී තිබෙන බව වේත්‍රධාරීවරයා සදහන් කරයි.

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම කිසිඳු තීරණයකින් තොරව අවසන් විය.

පාර්ලිමේන්තු මහජන ගැලරිය ජනතාවට අද විවෘත නොවන බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විනිසුරුවරු පස් දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ.

දැනට සභාව තුල පවතින නොසන්සුන්තාව හේතුවෙන් පාර්ලිමේන්තුව ආරම්භ කිරීම ප්‍රමාද වී තිබේ.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරමින් තම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ජනාධිපතිතුමා දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තුව අද (15) උදෑසන 10.00ට ආරම්භ වීමට නියමිතයි.