පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද රැස්වීමට නියමිතයි.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ රැස්වීම් මාධ්‍යයට විවෘත කිරිමට තීරණය කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර රැසක්හ දිසි නීතිය යටතේ ක්‍රියාත්මක කර තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින්.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (24) රැස්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තින් සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ විශේෂ පෙත්සම  විභාගය ඊයේ (12) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳ තීන්දුව ඉදිරියේ දී කතානායකවරයාට දැනුම් දෙන බව ප්‍රකාශ කළේය.

පසුගිය අප්‍රේල් 21 පාස්කු දින රටේ විවිධ ස්ථාන ඉලක්ක කරගනිමින් සිදු කළ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (13) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වීමට නියමිතයි.

අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (4) සවස 3.00 සිට ප.ව 9.00 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා පවසයි.

පාසල්වල බය ඇති කරමින් පාසල් පද්ධතිය අඩපන කරන්න හදන බවත් දැන් සිදු වීම් කෘත්‍රීමව ඇති කරන්න යන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාර ගැන සෙවීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.