ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති පර්සි වික්ටර් සමරවීර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලබන ඔක්තෝබර් මස 30වැනිදා තෙක් බල පැවැත්වෙන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

2003 වසරේ කොළඹ, වෝඩ් පෙදෙසේ නිවසක තිබී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 23 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු අඹුසැමි යුවළට කොළඹ මහාධිකරණය මගින් නියම කර තිබූ මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා වූ සිරදඩුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබේ.

මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ එවකට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් සාක්ෂියක් ලබාදුන් අනිකා විජේසූරිය නමැත්තියගේ සහෝදරයා වන ජයන්ත විජේසූරිය නමැත්තාට තර්ජනය කළේ යැයි කියන සිද්ධියේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින ශනිල් නෙත්තිකුමාර නමැත්තාට අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දුනි.

තායිවානයේ ප්‍රසිද්ධ බැංකුවකින් සයිබර් ප්‍රහාරයක් සිදු කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 2.104ක මුදලක් (රුපියල් ලක්ෂ 3000ක් පමණ )බැංකු පරිඝණක දත්ත මගින් සොරකම් කළ බව කියන සිද්ධියට අදාළව දෙවන සැකකාර ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ නැමැත්තාට දැඩි ඇප කොන්දේසි මත විදෙස් ගත වීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද අවසර ලබා දුන්නේය.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට  බලයක් නොමැති බවට නීතිපතිවරයා විසින් මතු කර තිබෙන මූලික විරෝධතාව පිළිබඳව වැඩිදුර කරුණු දැක්වීම හෙට දිනට කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.

රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය සිදුවූ දින අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය වාහන කීපයක් පිළිබඳව තොරතුරු ලැබී තිබෙන බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් රහස් පොලීසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

රුපියල් මිලියන හතළිහකට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති නඩුවේ සාක්ෂි විභාගය අගෝස්තු මස 30 වැනිදා යළි ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දීම සිදු කෙරිණ.

2016 වසරේ මට්ටක්කුලිය, සමිට් පුර ප්‍රදේශයේදී පුද්ගලයින් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.