කොටි සංවිධානය යළි නඟාසිටුවිය යුතු යැයි ප්‍රකාශයක් කළ බව කියන ඇමතිනී විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණය දැනුවත් කරන්නැයි සිහි කැඳවීමක් කර තිබේ.

ඉකුත් 21දා සිදු වූ පිපිරීම්වලට සැකපිට කොල්ලුපිටියේදී යූද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (29) නියෝග කර තිබේ.

මෑතකදී කොලොන්නාව ඛනිජතෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇතිවූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කූඨ ලේඛනයක් ප්‍රදර්ශනය කරමින් ජාතීන් අතර සුහදතාව කඩාකප්පල් කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වී සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව  අවසන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම නඩුවේ විත්තිකරු තිස්ස අත්තනායක මහතා නිදහස් කිරීමට නියම ක‌ෙළේය.

අද(18) ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ මාකඳුරේ මධූෂ්ගේ ඥාති සොහොයුරා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රියල් 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කීරීමට නියෝග කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සම්බන්ධයෙන් පක්ෂය තුළ සාකච්ඡා පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කර සිටියි.

වැලිකඩ සිරකරු ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා ඇප මත මුදාහැරින ලෙස අභියාචනාධිකරණය නියෝග කරයි.

අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමෙන් පසු සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 278 කට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතින් පත්වීම් අද (04) ලබා දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති ගවර්ස් කෝපරේට් නඩුවේ විභාගය ජුනි මස 07 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

රු. මිලියන 12ක් වංචා කිරීමට වරදකරු වූ ජලසම්පාදන මණ්ඩලයේ ගණකාධිකාරීවරයෙකුට වසර 37ක සිර දඬුවම් නියම කරයි.

චෙක්පත් මගින් රුපියල් මිලියන 12 ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කැලණිය ප්‍රාදේශීය කාර්යාලය ගණකාධිකාරිවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතල වැඩ සහිත මෙම වසර 37 ක සිරදඬුවම් නියම කර ඇත.

මෙම ගණකාධිකාරවරයා ආනන්ද මාබෝල නමැති 66 හැවිරිදි පුද්ගලයෙකි.

ඊට අමතරව රුපියල් ලක්ෂ 40 ක දඩයක් සහ රුපියල් ලක්ෂ 130 ක වන්දියක් ද ගෙවිය යුතු බව නියෝග කර තිබේ. එම දඩය සහ වන්දිය ගෙවීම පැහැර හරිනු ලැබූවොත් මූලික සිර දඬුවමට අමතරව තවත් වසර 23 ක බරපතල සිරදඩුවම් නියම කරන බව විනිසුරුවරයා තීන්දුවෙන් සඳහන් කර ඇත.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධි චෝදනා පත්‍රයේ සඳහන් වන්නේ විත්තිකාර ගණකාධිකාරීවරයා 2005 වසර තුළ ජලසම්පාදන මණ්ඩලයේ කැලණිය ප්‍රාදේශීය කාර්යාලයේ කළමනාකාරවරයා ගේ අස්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් චෙක්පත් 57 ක් මගින් රුපියල් මිලියන 12 ක මුදලක් සාවද්‍ය පරිහරණය කර ඇති බවයි.

චෝදනා අටක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරු චෝදනා සියල්ලට ම වරදකරු කරන බව ප්‍රකාශ කර ඇත.