update-බන්ධනාගාර භාරයේ සිටිමින් නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන රාජිත සේනාරත්නගේ වෛද්‍ය වාර්තාව  බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් තිබේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ වරෙන්තු යළි කැඳවන්නැයි ඔහුගේ නීතීඥයින් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද (27) නියෝග කළාය.

ආන්දෝලනාත්මක සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය හමුවක් පවත්වමින් අසත්‍ය ප්‍රචාරයන් සිදු කළ සැකකරුවන් දෙදෙනා ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද නියෝග කළේය.

ආන්දෝලනාත්මක සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය හමුවක් පවත්වමින් අසත්‍ය ප්‍රචාරයන් සිදු කළ බවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් දෙදෙනා අද 27 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් ගොනුකළ මෝසම හේතු දැක්වීමකින් තොරව ඔහුගේ නීතීඥවරුන් විසින් ඉල්ලා අස්කරගෙන තිබේ.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන්නැයි ඉල්ලා ඔහුගේ නීතිඥවරයා විසින් අද 26 කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ගොනු කර තිබේ.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර නැමැත්තාගේ බිරිඳ විසින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් ඇතුළු පිරිසකට එරෙහිව අද(24) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර නැමැත්තා ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කළේය.