අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා පත්‍රය විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කළේය.

කොළඹ වරායේ සහ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ රඳවා තිබෙන විදේශවලින් ආනයනය කළ කැලිකසල අඩංගු බහලුම් රට තුළ ප්‍රවාහනය කිරීම වළක්වාලමින් පනවා තිබෙන අධිකරණ තහනම් නියෝගය මගින් ඒවා ප්‍රති අපනයනය කිරීමේ කටයුතු වලට නීතිමය වශයෙන් බාධාවක් මතු නොවන බව අභියාචනාධිකරණය තීන්දු කළේය.

ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියේ හතරවන සැකකරු ලෙස නම් කර සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලික ලෙස ලිහිල් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් සත්‍යග්‍රහයක නිරත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් විසි දෙදෙනා ලබන 16 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළාය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 24 වැනි ලේකම්වරයා තෝරාගැනීමේ ඡන්ද විමසුම මේවනවිට ආරම්භකර තිබේ.

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු සැකකරුවන් හතර දෙනකුට එරෙහිව සිදු කරන පරීක්ෂණ කටයුතු ඉදිරි සති තුනක කාලයක් තුළ අවසන් කිරීමට හැකි වනු ඇතැයි, රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්  පිරිස් මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දුන්නේය.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වූ බරපතළ රිය අනතුරු සිද්ධියක සැකකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට විදේශ ගතවීමට අවසර දෙන ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළව ලබන 4 වැනිදා කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද දිනයේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට 4 වැනි වතාවටත් සිතාසි නිකුත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.

රුපියල් ලක්ෂ 3 ක අල්ලසක් ලබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 16 ක සිරදඬුවම් නියම කළේය.

තණමල්විල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 12ක දරුවෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයකුට මොනරාගල පළාත් බද මහාධිකරණය ඊයේ (19) මරණ දඬුවම නියම කර තිබේ.