විද්වත් වෘත්තීයවේදීන්ගේ හමුවක් බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේ දී ඊයේ පැවැත්විණ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන මංගල රැළිය අද ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතයි.

පසුගිය වසර පහ තුළ විනිවිද පෙනෙන පාලනයක් ඔස්සේ සිදුකළ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියි.

ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය කුමන අපේක්ෂකයාටද යන්න මෙතෙක් තිරණයක් නැතැයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ භාණ්ඩාගාරික එම්. රමේෂ්වරන් මහතා පැවසිය.

2020 ජනාධිපති ලෙස එක්සත් ජාතික පක්‍ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහනය සමගින් රාජපක්‍ෂ බලකොටුවක් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයත් නියත වශයෙන්ම ජයගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

ජනාධිපතිවරණයේ සියළු අපේක්ෂකයින් එකම වේදිකාවකට කැඳවන "ජනාධිපතිවරණය 2019 - මජහන වේදිකාව" කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (05) අති සාර්ථක අන්දමින් අවසන් විය.

දිවි හිමියෙන් එක්සත් ජාතික පක්ෂය රැකීමට ඉදිරිපත්වී සිටින පාක්ෂිකයන් මෙන්ම ක්‍රියාකාරී සාමාජිකයින් කිසිවෙකු අමතක නොකරන බව එජාප සභාපති කබීර් හෂීම් විශේෂ සම්මේලනය අමතමින් පවසයි.

හිටපු ඇමති අතාවුද සෙනෙවිරත්න හා හිටපු නියෝජ්‍ය ඇමති ඩබ්ලිව් බී ඒකනායක යන මහත්වරුන් මෙවර ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ පුර්ණ සහයෝගය පිරිනැමීම පිලිබදව තිරණාත්මක සාකච්ඡාවක් එහි විධායක සභාව විසින් 8 වැනිදා පවත්වන බව ජ්‍යෙෂ්ඨ උප සභාපති මරදපාණ්ඩි රමේෂ්වරන් මහතා පවසයි.

ආබාධිත රණවිරුවන්ගේ ගැටළුව හෙට (01) දිනයේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Latest News