මනුස්සකම හදුනන පුද්ගලයෙකු ලෙස සනීපාරක්ෂක පහසුකම් නොමැති මෙරට සියලුම කාන්තා පරපුරට නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙවර ජනධිපතිවරණයේ තැපැල් ඡන්දවලින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර පෙන්වන ලෙසට අභියෝග කරන බව ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික කපිතාන් අසේල ධර්මසිරි මහතා පවසයි.

කුමන හෝ ආකාරයකින් ආඥාදායකත්වය හිස ඔසවනවා නම් සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එකට එකතුව ආඥාදායකත්වය පරාජය කිරීමට කටයුතු කළ යුතු බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පසුගිය වසර 5 තුළ රට තුළ උපරිමයෙන් නීතිය ආරක්ෂා කිරීමට තම රජය කටයුතු කළ බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විදේශ රටවලට අප රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට කිසිසේත් ඉඩ නොතබන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ හෝමාගම පැවති ජන හමුවට ඊයේ (26) එක්වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා.....


“අපේ මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් ඇප කැප වුණු ෂවේන්ද්‍ර සිල්වා අභීත රණවිරුවාණන්, මම මගේ පනට වඩා ආරක්ෂා කරමින් අපේ රටේ හමුදාපති ලෙස එතුමාව ඉදිරියටත් තබා ගන්න කටයුතු කරනවා. රට දැය වෙනුවෙන් කැප කිරීම් සිදු කළ සෑම රණවිරුවෙක් වෙනුවෙන්ම මම පෙනී සිටිනවා. අපේ රට සිදු කළ යුතු දේ පිළිබඳව පිට රටවල්වලින් උපදෙස් ලබා දෙන්න අවශ්‍යවතාවයක් නැහැ.

කිසිවෙකුගේ බලපෑම් වලට යටත් වෙන පුද්ගලයෙක් නෙවෙයි මේ සජිත් ප්‍රේමදාස කියන්නේ. මට අපේක්ෂකත්වය ලබාදෙන මොහොතෙත් විවිධ පුද්ගලයින් බලපෑම් කරන්න ආවා. නමුත් මම ඒ මොහොතෙත් ප්‍රකාශ කළේ කොන්දේසි විරහිතව දෙනවා නම් දෙන්න, එහෙම බැරිනම් තියාගන්න කියලා. මම කිසිම බලපෑමකට යටත් වන්නේ නැහැ. මම කිසිම කණ්ඩායමක් සමග පොලිටිකල් ඩීල් දාන පුද්ගලයෙක් නෙවේ. වෙනත් අපේක්ෂකයින් වගේ බලය ලබා ගැනීමට තිබෙන කෑදරකම නිසා රටත්, ජනතාවත් පවා දෙන පුද්ගලයෙක් නෙවෙයි මේ සජිත් ප්‍රේමදාස කියන්නේ.

අවුරුදු පහක් පමණ රට පාලනය කළ ඔලුගෙඩි ටිකමයි, ඉදිරියටත් රට පාලනය කරන්නේ කියලා, සමහරු ජනතාව නොමග යැවීම සඳහා ප්‍රකාශ නිකුත් කරනවා. මම යන්නේ යල්පැන ගිය ගමනක් කියා කවුරුන් හෝ හිතනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. එහෙම ගමනක් යන්නට මම සූදානම් නැහැ. දූෂණය, වංචාව, කොමිස් ලබා ගැනීම, නාස්තිය, ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම, මිනීමරු සංස්කෘතිය සම්පූර්ණයෙන්ම නතර කරමින් උඩු යටිකුරු කළ විප්ලවයක් ඇති කර පිරිසිදු නායකත්වයක් සහ පිරිසිදු කණ්ඩායමක් සමග පොදු ජනතාවට සාධාරණය සහ සහන හිමිවන දෑත් පිරිසිදු ජනතාවාදී ගමනක් අප ක්‍රියාත්මක කරන්නේ” යනුවෙන් පැවසීය.

නව තාක්ෂණ විප්ලවය හරහා ලෝක වෙළඳපොළ තරණය කර ජවසම්පන්න, ශක්තිමත් මාතෘ භූමියක් නිර්මාණය කිරීමේ අභියෝගය තමන් භාර ගන්නා බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දී සිටින කසළ ප්‍රශ්නයට විසඳුම් ලබා දී තුන්වන පන්තියේ සැලකිළි හිමිවී ඇති පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට සුපිරි පන්තියේ සැලකිළි ලබා දීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගුරු සේවය පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයම දශක ගණනාවක සිට මුහුණ දෙන තනතුරු විෂමතා හා වැටුප් විෂමතා ඇතුළු සියලුම ගැටළුවලට ඒකාබද්ධ විසඳුමක් මගින් අවසන් තිත තැබීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සියලුම රට වැසියන්ට දැකබලා ගත හැකි ආකාරයට රූපවාහිනිය හමුවේ සජිවි විවාදයකට පැමිණෙන ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට තමන් අභියෝග කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටින බව වාර්තාවේ.

මෙරට ධීවර ප්‍රජාව ශක්තිමත් කිරීම සඳහා සහනාධාර ක්‍රමවේදයක් යටතේ බහුදින යාත්‍රා,ඔරු,බෝට්ටු ආදී සියලුම පන්නයේ මෙවලම් හා උපකරණ ලබා දීමට කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Latest News