බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සුවදුක් විමසීම සඳහා අද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් බන්ධනාගාරය වෙත පැමිණියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට විපක්‍ෂ නායක ධුරය ලබාදීමට එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් නිදහස් චතුරශ්‍රයේ ආරම්භ කළ උපවාසය අද (14) අළුයම අවසන් කර ඇත.

ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය එලෙසින්ම ආරක්ෂා කිරීමට කැපවෙන බවට තෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත ලිඛිත පොරොන්දුවක් ලබා දීමට සජිත් ප්‍රේමදාස පියවර ගෙන තිබේ.

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආණ්ඩුවක් යටතේ අලුත් වාහන මිලදී නොගැනීම ඇතුළු කොන්දේසිවලට එකගවීමටත්, මෙම කොන්දේසි කඩ කළහොත් නඩු පවරා මන්ත්‍රීධූරය අහෝසි කිරීමට හැකි පරිදි දිවුරුම් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි.

ආගම්වාදින්ට ජාති වාදින්ට වතුකම්කරුවන් ආරක්ෂා කළ නොහැකි යැයි  නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

2015 ට පෙර ත්‍රස්තවාදීන් ඝණයේලා සැලකු කන්ද උඩරට දෙමළ ජනතාවට යළි නිදහස සහ ගරුත්වය උදාකර දුන්නේ යහපාලන ආණ්ඩුව විසින් බව අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොදුජන පෙරමුණ බිය උපදවන අයුරින් ක්‍රියාත්මක කරණ මැතිවරණ ව්‍යාපාරයට අති පූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා ඇදගෙන යාමට ගත් උත්සාහය තරයේ හෙළා දකින බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙය ජනාධිපතිවරණ අපේක්ෂකයින් සහ ව්‍යාපාරික ප්‍රජාව අතර සංවාදශීලී හමුවක් වශයෙන් පැවති අතර ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ මූලිකත්වයෙන් එය සංවිධානය කර තිබිණ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන සජිත් ප්‍රේමදාස හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශ අතරින් හොඳම ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස තමා පිළිගන්නේ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය යැයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

Latest News