ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත දිවයිනට පැමිණෙන තෙක් වැඩ බලන ආරක්ෂක ඇමති ලෙස ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධනය මහතා පත් කර තිබේ.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ විභාගය ජුලි මස 29 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා මාලදිවයින හා ශ්‍රී ලංකාව සහයෝගීව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා සහ මාලදිවයින් අමෙරිකානු තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පෙන්වා දෙයි.
මේ බෝම්බ පුපුරවන ජාතික තව්හිද් ජමාද් සංවිධාන හැදුවෙ කව්ද, මේව පැටව් ගැහුවෙ කොහොමද, මේවට මුදල් දුන්නෙ කව්ද, මේවා ඔක්කොම හරි වෙලාවට එළි කරන බව, අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.
ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සහ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ හැර සෙසු පීඨවල අධ්‍යයන කටයුතු හෙට (14) දිනයේ ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
දිස්ත්‍රික්ක 20 කට පවතින උණුසුම් තත්ත්වය අද (13) දිනයේදී ඉහළයා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.