හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම පිහිටි ලී වෙළඳසැලකට කිසියම් පිරිසක් විසින් ගිනි තැබීමේ සිද්ධියකට හැටන් පොලීසිය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

යාපනය, චාවකච්චේරි,චාවකච්චේරි මඩත්තඩි මංසන්ධියේ වෙළඳසැල් දෙකක් ගිනිගෙන විනාශ වී තිබේ. ගින්න හට ගැනුණේ ඊයේ(07) රාත්‍රීයේ.

ඊයේ රාත්‍රී ඩයගම, ෂැන්ඩ්‍රින්හැම් වතු යායේ කම්කරු නිවාස පේලියක හටගත් ගින්නකින් නිවාස 12ක් සම්පූර්ණයෙන්ම විනාශ විය.

ලෝකාන්තය පහළ කොටසේ බලංගොඩ - නන්පේරිය්ල රක්ෂිතයේ ඊයේ පස්වරුවේ සිට හටගත් ගින්න තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතියි.

හලාවත,මාදම්පේ ප්‍රදේශයෙ කොහු කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නකින් එහි යන්ත්‍ර සූත්‍ර සියල්ලම විනාශ වී තිබේ.

වැල්ලවාය,රණ්දෙනිය, රණවරාව කදු රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 50කට අධික ප්‍රමාණයක් විනාශ වී තිබේ.

බණ්ඩාරවෙල,ඇල්ල,දෝව රක්ෂිතයේ කොටසක ඇතිවූ ගින්නකින් අක්කර 50ක ප්‍රදේශයක් විනාශ වී තිබේ.

තංගල්ල,හුංගම,ගුරුපොකුණ ධීවර වරායේ ඊයේ රාත්‍රී 11.50ට පමණ ඇතිවූ ගින්නකින්, එහි නවතා තිබූ ධීවර බෝට්ටු 20ක් මුළුමනින්ම විනාශයට පත්ව තිබේ.

තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ හොලිරුඩ් වතුයායේ නැගෙනහිර කොටසේ වතු නිවාස පේලියක හටගත් ගින්නකින් එම වතු නිවාස පේලියේ තිබු වතු නිවාස 24 සමුපර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.