පස්සර,මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට ලංගා ගමනා ගමන මණ්ඩලය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිතයි.

මැදවච්චියේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වට්ටක්කා ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් අද අලුයම දඹුල්ල - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මිරිස්ගෝනියාව ප්‍රදේශයේදී මාර්ගය හරහා පෙරලී ගොස් තිබේ.

කොළඹ - නුවර මාර්ගයේ වරකපොළ,දුම්මලදෙනිය ප්‍රදේශයේ දී අද උදෑසන ට්‍රක් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටීමෙන් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කන්ටේනර් රථයක් අනතුරකට පත්වීමක් අහඹු ලෙස කැමරාවේ සටහන් වීමක් අමෙරිකාවේ ටෙක්සාස්වලින් වාර්තාවේ.

හොරණ අඟුරුවාතොට ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් විදේශිකයින් තිදෙනෙක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී 7.00ට පමණ.

ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ යටිගල්පොත්ත ප්‍රදේශයේදී අද ( 21) අළුයම වාහන හතක් එකිනෙකට ගැටීමෙන් පුද්ගලයන් පහළොස් දෙනෙකු තුවාල ලබා දඹුල්ල සහ ගලේවෙල රෝහල්වලට ඇතුළත් කර තිබේ.

හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයක් ලක්ෂපාන ප්‍රාදේශිය රෝහල තිබූ බස් නැවතුම්පොලක් කඩාගෙන අසළම තිබූ වෙලදසැලකට කඩාගෙන ගොස් තිබේ.

බන්ධනාගාර රැඳවියන් අධිකරණයට රැගෙන යමින් තිබූ වෑන් රථයක් සීගිරිය, දිගම්පතහ, අව්ඩන්ගාව ප්‍රදේශයේ දී අද අලුයම (18) අනතුරකට ලක්වීමෙන් බන්ධනාගාර නියාමකවරයෙක් මියගොස් තිබේ.

මහනුවර සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වු මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබේ.