මීගමුව මුන්නක්කරය මාර්ගයේ ශාන්ත කිතුලා ප්‍රදේශයේ දී සිදුවූ යතුරුපැදි අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ.

මැදවච්චිය,අනුරාධපුරය මාර්ගයේ වහමළුගොල්ලෑව ප්‍රදේශයේ සිදවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

අද අලුයම 5.00ට පමණ කොළඹ ගාලු පාරේ මොල්ලිගොඩ ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථ රියදුරෙකු මියගොස් තිබේ.

පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේ දී වාහනයක වැදුණු ඇතින්නක් තුවාල ලබා මාර්ගය අයිනේ වැටී ඇතැයි කරුවලගස්වැව වන ජීවී කාර්යාලය පවසයි.

පුත්තලම - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කොට්ටුකච්චිය ප්‍රදේශයේ සිදුවී ඇති අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

කොළඹ සිට මාතර දක්වා ගමන් කළ පෞද්ගලික බස්රථයක් කොස්ගොඩ,දූවෙමෝදර ප්‍රදේශයේ දී අනතුරට ලක්විය.

කිලිනොච්චිය, පාරදිපුරම් හංදිය දුම්රිය හරස් මාර්යේ යුද හමුදාවට අයත් ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් හමුදා සාමාජිකයින් පස් දෙනෙකු මියගොස් තිබේ.

 ත්‍රිකුණාමලය - පුල්මුඩේ මාර්ගයේ පොඩවාකට්ටු පාලම ආසන්නයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් එහි ගමන් ගත් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.

හංවැල්ල,පනාගොඩ,දිගලවත්ත ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් හා ගැහැණු දරුවෙක් මියගොස් තිබේ.

වැලිකන්ද,කොලකනවාඩිය මාර්ගයේ අත්ට්‍රැක්ටරයක් හා වෑන් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙක් ගොස් තිබේ.