ශ්‍රී ලංකා ආර්ථිකයට පදනමක් ගොඩනැගිමෙන් විදෙස් සෘජු ආයෝජනය ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

රජයේ සේවකයින් වෙනුවෙන් කටයුතු කළේ වත්මන් ආණ්ඩුව බවත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කර වැටුප් වැඩි කිරීමට කටයුතු කර ඇති බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

විදුලිය බිඳවැටීමේ ප්‍රශ්නය දෙස බලා ස්ථීර සාර විසඳුමකට ඒමට කටයුතු කරන බවත් අප්‍රේල් සිංහල දෙමළ අලුත් අවුරුදු කාලයේ කිසිදු විදුලි විසන්ධි වීමක් සිදු නොකරන බවත් වෙසක් මාසය වන විට විදුලි ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳන බව විදුලි බල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අයවැය ඡන්ද විමසීමේ දී ජනාධිපතිවරයා ගත් තීන්දුව හේතුවෙන් පොදුජන පෙරමුණ ගැටලු රැසකට මුහුණ දී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ජනපති, අගමැති කාර්යාල සහ කොමිෂන් සභා ඇතුළු වැය ශිර්ෂ 22ක් ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

2019 අයවැය සඳහා යෝජනා පෙබරවාරි 11 වැනිදාට පෙර යොමු කරන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.

2019 අයවැයේ ඇස්තමේන්තු ගත සමස්ත රාජ්‍ය වියදම රු. බිලියන 4,470ක් බව මුදල් අමාත්‍යංශය පවසයි. 

ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ශ්‍රී ලංකාවට හදුන්වාදීමේ සමුළුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී හෙට (24) පස්වරු 5.00 ට ආරම්භ වේ.