කල්පිටිය, ඒතාලේ කොළණියේ පිහිටි වේලක්කන්නි දේවමාතාවගෙග් පිළිරුව සහිත සුරුවමක් විනාශකල පුද්ගලයකු ගම්මුන් විසින් අල්ලා පොලීසියට භාර දී ඇත.

කොළඹ, වේල්ලවීදිය ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 5ක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ එල් චාපෝ ගේ බිරිඳ අමෙරිකානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සෞඛ්‍යාරක්ෂිත ක්‍ර‍මවේද නොසලකා හැර සිටි 14 දෙනෙක් අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 14 දෙනෙක් ගතවූ පැය 24 දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. මුව ආවරණ නොපැළඳීම හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම යන හේතුන් මත ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ලක්ෂ 35ක් පමණ වටිනා ටෙට්ට්‍රා හයිඩ්‍රො කැනබිනෝල් නොහොත් හෑස් ඔයිල් කිලෝ 01 ග්‍රෑම් 5ක් සමග සැකකරුවෙක් මෝටර් රථයක ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ හා මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයින් 09ක් ඊයේ දිනය තුළ පොලිස් අත්අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනත කඩකල පහළොස් දෙනෙක් මහරගම පමුණුව ප්‍රදේශයේ දී පොලිසිය මගින් අද 13පෙරවරු දී අත්අඩංගුවට ගැනිණ.

නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 34 දෙනෙක් පසුගිය පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News