මරණ දඩුවම දියයුතු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුව තමන් වෙත ලැබී ඇති බවත්, නුදුරේදීම එය ක්‍රියාත්මක කරන බවත් ජනපති පවසයි.

2019 වසවිස නැති ජාතික පොළ සහ ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී අද ආරම්භ කෙරිණ.

උසස් අධ්‍යාපනයේ නිරත දෘෂ්‍යාබාධිත නිවුන් දැරියන් දෙදෙනෙකුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ප්‍රතිපාදන ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ පියවර ගැනිණ.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තම යොජනාව පරිදි රජය තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

නව ආර්ථික රටාවන් හා විදේශීය සංස්කෘතීන් සමග බරපතළ සමාජ පිරිහීමක් සිදුවෙමින් පවතින යුගයක රටේ භෞතික සම්පත් සංවර්ධනය මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනය ද එක සේ වැදගත් බව ජනාධිපතිතුමා පවසයි.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් පරිසර හිතකාමී දේශයක් බිහිකරනු උදෙසා සංවිධාන කරන ලද, භූ අභිමානි, හරිත හරසර ප‍්‍රණාම උලෙළ 2019 ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. 

අපේ රට එදා මෙන්ම අදත්, හෙට දවසේත් මුළු මහත් ලෝකයටම ථෙරවාදි බුදු දහම බෙදාහරින ධර්ම ප‍්‍රචාරක මූලස්ථානය බවට පත් කිරීමට වත්මන් රාජ්‍ය නායකයා ලෙස තම වගකීම් ඉටුකරන බව ජනාධිපතිතුමා පවසයි.

ශ්‍රාමශක්ති ජාතික වැඩසටහනේ බස්නාහිර පළාත් වැඩසටහන ගම්පහ හේනගම දී අද ආරම්භ විය.

කුමන බාධක පැමිණියත්, ඉදිරි මාස 2ක කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හා බරපතල අපරාධ සිදුකරන්නන්ට එරෙහිව, මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ශ‍්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව රාජ්‍ය තාන්ති‍්‍රකයෝ දොළොස් දෙනෙක් අද (01) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්ත පත‍්‍ර භාර දුන්හ.