රටේ පවතින නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන අතරම රටේ ගැටලූ සහ ප‍්‍රශ්න හඳුනා ගනිමින් හොඳ රටක් සහ යහපත් අනාගත පරපුරක් ගොඩනැගීමට සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ලොව නන්දෙසින් පැමිණෙන සියලු ඉස්ලාම් බැතිමතුන් සහජීවයෙන් දෙවියන් නමදින මේ මහා පූජෝත්සවය මගින් ලැබෙනුයේ අන්සියලු ආගමිකයන් සමඟ ද සමානාත්මතාවයෙන් යුතුව දිවි ගෙවීමේ ශික්ෂණයකයි, හජ්ජි උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ඇහැලියගොඩ මූලික රෝහලේ වාට්ටු සංකීර්ණය, භික්ෂු වාට්ටුව හා එක්ස් කිරණ ඒකකය අද ජනතා අයිතියට පත් කෙරේ.

දිවයින පුරා අවුරුදු 18ට අඩු දරුවන් එක් ලක්ෂ පහළොස්දහසකට ආසන්න පිරිසක් විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව මේ වන විට අනාවරණය කරගෙන තිබෙන අතර, ඔවුන් පුනරුත්ථාපනය වෙනුවෙන් පළාත් මට්ටමින් විශේෂ වැඩසටහනක් කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපතිතුමා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරිය වෙත උපදෙස් දී තිබේ.

මොරගහකන්ද,කළුගඟ ව්‍යාපෘතිය දායාද කිරීමට කැපවූවන් අගය කරමින් ප්‍රශස්ථ සේවා ඇගයීම් සහතික ප්‍රදානය ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයේන අද සිදු කෙරේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටින බවට තමන් විශ්වාස කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහනට අනුමැතිය හිමිව ඇත්තේ පළමුව ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට පමණක් බව ජනාධිපතිතුමා පවසයි.

මතින් නිදහස් රටක් ගොඩනැඟීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් කි‍්‍රයාත්මක කර ඇති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් පසුගිය 23 වන දා ආරම්භ කළ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දිනය අදයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වී බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් සිව් දෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීම සඳහා තමා අත්සන් තැබූ බව ජනපති පවසයි.

අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.