'වස විස නැති පොළ' ජනපති අතින් විවෘත වෙයි (වීඩියෝ)

මාර් 30, 2019

    2019 වසවිස නැති ජාතික පොළ සහ ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී අද ආරම්භ කෙරිණ.

    ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. වසවිසෙන් තොර ආහාර පරිභෝජනයට ජනතාව හුරු කරවීමේ අරමුණින් පැවැත්වෙන මෙය, සංවිධාන කරනු ලබන්නේ ශ්‍රී ලංකා ජාතික මහා සභාව විසින්. කාබනික සහ අත්කම් නිෂ්පාදන ප්‍රදර්ශනයට ඇතුළත්.

    අප්‍රේල් පළමු වැනි දින දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙයි. ඉන්දියාව, චීනය සහ ඊශ්‍රායලය යන රටවල සම්පත් දායකත්වය ද මීට හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය හා වියන ආරක්ෂා කිරීමේ ජාතික ප්‍රතිපත්තිය ද මෙහි දී එළිදැක්විය. ඒ පූජ්‍ය අතුරලියේ රථන හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. මීට සමගාමීව මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රදර්ශනය ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරිණ. මතින් නිදහස් රටක් වැඩසටහන පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණයි.



    Last modified on සෙනසුරාදා, 30 මාර්තු 2019 20:06

    Latest News