ත්‍රිකුණාමලය, එරක්කන්ඩි ප්‍රදේශයේදී ඩයිනමයිට් පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.
ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීමට අදාළ බී.සී ආකෘති පත්‍රය නිවැරදිව පුරවා ග්‍රාම නිලධාරීන් වෙත කඩිනමින් භාර දෙන ලෙස මැතිවරණ නීරීක්ෂණ සංවිධාන ඡන්ද හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි.
අමෙරිකාව සමය යුද්ධයකට එළැඹුනහොත්, එය නිල වශයෙන් ඉරානයේ අවසානය බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියි.
මේ දිනවල සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සීගිරිය කෞතුකාගාරයේ සිට ඉපැරණි කාශ්‍යප රජ දවස සීගිරි පැවති ආකාරය තාක්ෂණික සජීවිකරණ ත්‍රිමාන රූප රාමු හරහා දැක බලාගැනීමේ අවස්ථාව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් උදාකර දී තිබේ.
ලෝක මීමැසි දිනය අදයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් සෑම වසරකම මෙම දිනය සමරනු ලබයි.
පවතින සාමකාමී වතාවරණය තවදුරටත් ඉදිරියටත් ගෙන යමින් සුපුරුදු දෛනික කටයුතු සහ පාසල් අධ්‍යයන කටයුතු නොපැකිලිව සිදු කරන ලෙස කථානායක කරූ ජයසුරිය මහතා ඉල්ලීමක් කරයි.
වත්තල,මාබෝල ප්‍රදේශයේ දී පසුගියදා සැකපිට අත්අඩංගුවට ගැනුණු, මොහොමඩ් රිස්වාන් මේ වන විට රැඳවුම් නියෝග මත, ප්‍රශ්න කෙරෙන බවයි, වාර්තා වන්නේ.
ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගූගල් සමාගම හුවාවි ජංගම දුරකථන උපාංගවල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ මෘදුකාංග නවීකරණ කිරීම අත්හිටුවා තිබේ.
ඉදිරියේදී වරදෙහි ස්වභාවය අනුව බන්ධනාගාර ගත වන අය පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරනවා යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.