උතුරු බුර්කිනෝ ෆාසෝ හි ඩබ්ලෝහි පිහිටි කතෝලික දේවස්ථානයකට කඩාවැදුණු තුවක්කුකරුවන් පිරිසක් කළ වෙඩි තැබීමකින් පූජකයකු සහ එහි පැමිණ සිටි බැතිමතුන් හයදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
බණ්ඩාරගම ජාතික පාසල අසල පාසල් මාවතේදී පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමකදී හොරොයින් ග්‍රෑම් 501යි මිලි ග්‍රෑම් 60ක් තමන් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
වහාම ක්‍රියාත්මක වන පරිදි වට්ස් ඇප්, වයිබර් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය තාවකාලිකව අවහිර කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හලාවත නගරයට අද (13) අලුයම 4 දක්වා පැනවු පොලිස් ඇඳිරි නීතිය හා කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශ වල අද උදෑසන 6 දක්වා පැනවූ පොලිස් ඇඳිරි නීතිය මේ වනවිට ඉවත් කර තිබේ.