හලාවත - කුලියාපිටිය - බිංගිරිය - දුම්මලසූරිය ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවතට

මැයි 13, 2019

    හලාවත නගරයට අද (13) අලුයම 4 දක්වා පැනවු පොලිස් ඇඳිරි නීතිය හා කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශ වල ‍අද උදෑසන 6 දක්වා පැනවූ පොලිස් ඇඳිරි නීතිය මේ වනවිට ඉවත් කර තිබේ.

    ඊයේ දහවල් 12.30ට පමණ හලාවත නගර‍යේ ඇති වු නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම සඳහා පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබීය.

    ජාතීන් අතර අසමගිය ඇති කරන ආකාරයේ ප්‍රකාශයක් යම් පුද්ගලයෙකු විසින් සමාජ ජාලා මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් විරෝධය පල කිරීමත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්වය හට ගත්තේය.

    පසුව මෙයට අදාළව එක් සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    Latest News