රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අභාවය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප් ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ වැඩ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර, පළුගස්වැව ප්‍රදේශයේදි අද (05) ආරම්භ කෙරේ.

කොවිඩ් එන්නත් ලක්ෂ 6ක් ලබන 27 වැනි දින ඉන්දියාවෙන් මෙරටට නොමිලයේ ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. වලල්ලාවිට ප්‍රදේශයේ මේ වන විට පැවැත්වෙන ගම සමග පිළිසඳර වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම හෝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට කියයි.

බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

ගොවීන්ගෙන් කහ බඩ ඉරගු ඇතුළුව අස්වනු මිලදී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විෂය භාර රාජ්‍ය මාධ්‍ය වරයාට සහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (26) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.

අනුරාධපුරය, ඇලෑපත්තුව, පහළගමට ඊයේ (26) පස්වරුවේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සේනා දළඹුවාගෙන් බඩඉරිගු වගා බිම්වලට සිදුව ඇති හානිය සොයා බැලීය.