මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙළ ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා (Lord Tariq Ahmad) පවසයි.

නවීකරණය කරන ලද කොළඹ, මල් පාරේ පිහිටි “සිරිමතීපාය” අග්‍රාමාත්‍ය කාර්යාලය අද (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ගුවන් හමුදාපති, අභාවප්‍රාප්ත විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් පත්මන් හරිප්‍රසාද මෙන්ඩිස් මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු පරිශ්‍රයට සම්ප්‍රාප්ත විය. 

ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත “ජීනිවා පරාජයේ දෝංකාරය” කෘතිය අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්විණ.

මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බව පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව අවධාරණය කරයි.

ක්ෂේත්‍ර රාජකාරී සඳහා අත්‍යාවශ්‍ය ගිලන් රථ 50ක්, ජල බවුසර් 52ක්, ඩබල් කැබ් රථ 62 ක් ඇතුළු වාහන 164ක් සංකේතාත්මකව අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන වෙත භාරදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

බුදුන් වහන්සේගේ ඉගැන්විම් අනුව හැඩගැසුණු පොහොසත් දාර්ශනික උරුමයක් සහිත ශ්‍රි ලංකාව මානව අවශ්‍යතා සමග පාරිසරික පරාසයන් සමබර ගැනිමේ වැදගත්කම මනාව වටහාගෙන ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සදහන් කරයි.

වර්තමානයේ ලෝකය මුහුණ දී ඇති වසංගතය හමුවේ සමස්ත දරු පරපුරේ සිතුම්පැතුම්වලට ළමා ලෝකයට ඇති සීමා බොහෝය.