උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇරයුම් කරයි.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) මහත්මිය පවසයි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට ඉල්ලා අස්වන ලෙසට ජනාධිපතිතුමා කිසිසේත් දැනුම් දී නැතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කිහිප දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව පෙන්වා දෙන එහි සභාපති සත්සුගු අසකාවා (Masatsugu Asakawa) මහතා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහාය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පවසයි.

රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේ සේවක ගැටලු විසඳීමට කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දෙයි.

ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සහතිකපත් ප්‍රදානෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්විණි.

කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හදිසි නිරීක්ෂණයට ලක් විය.

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ 9වන ජාතික සම්මේලනය අද (16) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්විණි.

නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඡන්ම දින සුබපැතුම් පුද කරයි.