සම්පත් බැංකුව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ආපසු ගැනීමේ සේවාවක් පසුගියදා හඳුන්වා දුන්නේය.

ලංකා බැංකුව ගතවූ වසරේ සියයට 28ක වර්ධනයක් අත්කරගෙන ඇතැයි, එහි සභාපති කාංචන රත්වත්තේ මහතා පවසයි. බැංකුවේ 82 වැනි සංවත්සර උත්සවයේ දී ඔහු ඊයේ මේ බව කියා සිටියේය.

දිය මත ලිස්සා යාමේ වැඩසටහන (surfing) ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීම තුළින් අරුගම්බේ සංචාරක කලාපය කෙරෙහි ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ශණය සහ අවධානය දිනාගැනීමේ වැඩසටහනක් ආරම්භ කෙරේ.

සංචරණ සීමා පවතින කාලසීමාව තුළ ගොවීන්ට අලෙවි කරගත නොහැකි අතිරික්ත එළවළු හා පළතුරු තොග රජය මගින් මිලදී ගෙන බෙදාහැරීමේ වැඩසටහනක් ඇරඹීමට තීරණය කර තිබේ.

LOLC සමූහය ශ්‍රී ලංකාවේ ආයතනික ක්ෂේත්‍රයේ ප්‍රථම වරට ඓතිහාසික වාර්තාවක් සනිටුහන් කරමින් රුපියල් බිලියන 57ක බදු පෙර ලාභයක් වාර්තා කර තිබේ. ඒ 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වසර තුළයි.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සංචරණ සීමා කාලසීමාවේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබාදීමේ විශේෂ ජංගම සේවාවක් ආරම්භ කර තිබේ.

1998 ක්ෂණික දුරකතන අංකය ඇමතීමෙන් හෝ හෝ www.lankasathosa.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෙට (ජුනි 01) සිට සතොස ශාඛා මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇනවුම් කර මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවෙයි.

ප්‍රථම චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය චීනයේ හයිනාන් පළාතේ හයිකෞ නගරයේ දී අද (7)ආරම්භ විය. චීන හා විදේශීය වෙළඳ නාම 2500 කට අධික ප්‍රමාණයක් හයිනාන් ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී ප්‍රදර්ශනය කෙරේ.

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලසීමාව තුළ සතොස අලෙවි සැල් ජාලය රුපියල් මිලියන 2,750ක වාර්තා ගත ආදායමක් උපයා ඇතැයි,වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා ධීවර සංස්ථාවේ ඉතිහාසයේ වැඩිම එක් දිනක අලෙවිය වාර්තා කල දිනය බවට අප්‍රේල් මස 12 වැනි දින පත්ව ඇතැවි එම සංස්ථාව සදහන් කරයි.

චීන ජාතික සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව ඊයේ (28) නිකුත් කළ 2020 වසරේ චීන ජාතික ආර්ථීක හා සමාජීය සංවර්ධන සංඛ්‍යාලේඛණ වාර්තාවේ මේ බව දැක්වේ.

ශ්‍රී ලංකාවෙන් ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණය තවත් ඉහළ නැංවීමට අවධානය යොමුවී තිබෙනවා.

චීනයේ යුවාන් මුදල් ඒකකය ජනවාරි මාසයේදී ගෝලීය ගෙවීම් සඳහා වන ආකර්ෂණීයත්වයෙන් පස්වන ස්ථානය රඳවාගෙන ඇත.

රුපියල් බව‍ට පරිවර්තනය කිරීමට අදාළ රීතී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ.

2020 දී යුරෝපා සංගමය චීනයට භාණ්ඩ අපනයනය කිරීම හා ආනයනය කිරීම අතින් “ද්විත්ව වර්ධනයක්” ලබා ඇත.

බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය මගින් දේශීය ඇගළුම් ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අපේක්ෂාවෙන් "අත්කමින් ලොවක් දිනන්න" යන තේමාව පදනම් කරගනිමින් දීපව්‍යාප්තව බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් ආරම්භ කිරීම සිදු කිරීමට සැලසුම්කර තිබේ.

පිටරටින් ආනයනය කරනන ෆයිනස් දැව සඳහා සෙස් බද්දක් පැනවීමට ඉදිරියේදී කටයුතු කරන බව වනජීවි හා වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක පවසයි.

ගෙවුම් ශේෂයේ අවශ්‍යතාව සැපිරෙන තුරු මෝටර් රථ ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මත පනවා තිබෙන ආනයන සීමා තවදුරටත් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අද (12) පැවැසීය.

එනසාල් කිලෝවක මිල රුපියල් දහතුන් දහසක් දක්වා ඉහළ ගොස් ඇත.

අපේක්ෂිත ඉලක්ක අභිබවමින් පසුගිය වසරේ මෙරට සමස්ත භාණ්ඩ හා සේවා අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 9.9 ඉක්මවා තිබේ. මේ බව දැක්වෙන්නේ, අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනවල.

Latest News