සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්රේමදාස සහ එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්රතික්ෂේප කළා.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්රීඩා අමාත්යවරයා ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනු කළ පෙත්සමේ වැඩිදුර කරුණු සළකා බැලීම ලබන සඳුදා තෙක් කල් තැබුණා.
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා ඩොලර් කෝටි 50 ක ආයෝජනයක් කිරීමට ඇමෙරිකානු රජය ඉදිරිපත් වී සිටිනවා.
නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්රේලියාව ඊයේ සමත් වුණා. ඒ, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 3 කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ බෙංකඩේහිදී.
නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිනීමට එරෙහිව තැපැල් සේවකයන් ආරම්භකල දෙදින සංඛේත වැඩ වර්ජනය ඊයේ සිට පැය 48ක කාලයක් ආරම්භ කර සිටිනවා

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ විශිෂ්ට දායකත්වය අගයමින් ජපාන තානාපති කාර්යාලය, එරට ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික සංගමයේ හිටපු සභාපති සුනිල් ගාමිණී විජේසිංහ මහතාට “Order of the Rising Sun” සම්මානය පිරිනමා තිබෙනවා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතරට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තරගයේ කාසිය වාසිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

පන්දුවාර 20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය  මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

Latest News