update- නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු මහනාහිමි තිබ්බටුවාවේ සුමංගල හිමියන්ට හා අස්ගිරි පාර්ශවයේ මහනාහිමි වරකාගොඩ ඥානරතන හිමියන්ට පිළිගන්වනු ලැබීය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (27) කොළඹ ජම්පටා වීදියේ ගෙන් ගෙට යාමේ චාරිකාවක නිරත විය.

රටේ ඕනෑම පොඩි මිනිසෙකුට බියක් නැතිව තම දුක් ගැනවිලි ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ හැකි රාජ්‍ය පරිපාලනයක් තමන් නිර්මාණය කරන බවත්, තමන් හොද මානව හිතවාදියෙකු බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවයි. ඔහු මේ බව කියා සිටියේ පුත්තලම, හලාවත නගරයේ පැවති ජන හමුවට ඊයේ (27) එක්වෙමින්.

රට ගොඩනගන වැඩපිළිවෙල පිළිබඳව සජීවී විවාදයකට පැමිණනෙ ලෙස ප්‍රතිවාදී අපේක්ෂකයාට ආරාධනා කළදල ඔහු එම අභියෝගය භාර නොගෙන මගහරිමින් සිටින බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ ජනතා නියෝජිතයන් 08 දෙනෙක් සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඊයේ (25) දින කඹුරුපිටිය නගරයේ පැවැති ජනහමුවේදී අත්වැල් බැඳගත්හ.

රටේ අහිංසක ජනතාව විනාශ කිරීමට පාස්කු ඉරිදා කුරුරු ත්‍රස්තවාදී ප්‍රහාර සැලසුම් කළ කණ්ඩායම් අද හෙළිදරව් වී ඇති බැවින්, ඔවුන්ට ජීවිතාන්තය දක්වා සියදඩුවම් ලබා දීම ප්‍රමාණවත් නොවන බවත්, විනිවිදභාවායෙන් යුතු නිවැරදි,සාධාරණ නීතිමය ක්‍රියාවලියක් යටතේ එම වැරදිකරුවන් මරණීය දණ්ඩලනය ලබාදීමට තම ඉදිරි රජය යටතේ කටයුතුකරන බවත්, නවජ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

හොරු නැති,මංකොල්ලකාරයින් නොමැති, දූෂිතයින් නැති, රාජ්‍ය අරමුදල් අවභාවිත නොකරන ආණ්ඩුවක් තමන් බිහි කර තරුණ කණ්ඩායම් සමග රට ඉදිරියට ගෙන යෑමට නව ගමනක් ආරම්භ කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

"නැහැ, බැහැ, අපි බලමු යන වචන තම රාජ්‍ය පාලනය තුළ දී ශබ්ද කෝෂයෙන් ඉවත් කර ඔව්, අපිට පුළුවන් ඉදිරියට යන්න" අරමුණින් අලුත් කණ්ඩායමක් සමග ජව සම්පන්න නව ගමනක් ආරම්භ කර රට සංවර්ධනය කිරීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අධාරණය කරයි.

ජාතික ධීවර මහා සමුළුව අද (21) පස්වරු 2.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ප්‍රතිවාදී අපේක්ෂකයා සහ ඔහුගේ පවුල් පරපුරට ඇත්තේ ධන බලය හා පවුල් බලය පමණක් බවත්, මෙරට සෑම පවුලකම,සෑම පුරවැසියෙකුගේම,සෑම පොඩි මිනිසාගේම බලය තිබෙන්නේ තමන්ට බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

Latest News