සඳුදා සිට එංගලන්තය වසා දැමීමට සැළසුමක් - බ්‍රිතාන්‍ය අගමැති

ඔක් 31, 2020

    ලබන සදුදා සිට එංගලන්තය මුළුමනින්ම වසා දැමීමට සැළසුම් කර ඇති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසනවා.

    ලබන සඳුදා දින රට වසා දැමීමේ තීරණය නිල වශයෙන් දැනුම්දීමට තීරණය කර තිබෙනවා.

    කොරෝනා වයිරස අවදානම සීඝ්‍රලෙස ඉහළයාම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි, ඔහු වැඩිදුරටත් පවසන්නේ.

    මේ වනවිට යුරෝපා කලාපය වයිරස් ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබේ.

    ප්‍රංශය, ජර්මනිය, බෙල්ජියම, සහ ස්පාඤ්ඤය ද සම්පූර්ණයෙන්ම වසා දැමීමටයි කටයුතු කර ඇත.

    මේ හේතුවෙන් යුරෝපයේ රටවල් රැසක මේ වන විටත් උද්ඝෝෂණ ආරම්භ කර ඇත.

    Latest News