ශ්‍රී ලංකාවේ පැතිරයන වෛරස් ප්‍රභේදය වේගවත් - පර්යේෂණයක් හෙළිකරයි

ඔක් 31, 2020

    මේ වනවිට මෙරටින් වාර්තා වන නව කොරෝනා වෛරස ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එය මීට පෙර අවස්ථාවේදී රටේ ව්‍යාප්ත වෙමින් තිබු කොවිඩ් වෛරස ප්‍රභේදයට වඩා හාත්පසින්ම වෙනස් එකක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජිව මුණසිංහ ප්‍රකාශ කර සිටී.

    පැතිරෙමින් පවතින මෙම කොවිඩ් වෛරසයේ ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥවරියක් වන මහාචාර්ය නිලීකා මලවිගේ විසින් පර්යේෂණයක් සිදුකර ඇති බවත් එහිදී මෙලෙස ව්‍යාප්ත වන වෛරස් කාණ්ඩය මීට පෙර මෙරටින් වාර්තා වූ කොවිඩ් - 19 කාණ්ඩයට අයත් නොවන බවට තහවුරු කර ගෙන ඇති බවයි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ.

    දැනට මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිතවූ අයෙකුට වෙනත් අයෙකුට ඉතා කෙටි කාලයකින් පැතිරිය හැකි බවට හඳුනාගෙන ඇත.

    මෙම වෛරස් කාණ්ඩය B142 කියන අනු කාණ්ඩයට අයත් සාර්ස් වෛරසයට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති බවත් එය කිනම් රටකට සම්බන්ධ බවටද යන්න ගැන පර්යේෂණ සිදුකරමින් පවතින බවට මහාචාර්ය නිලිකා මලවිගේ ප්‍රකාශ කළ බවයි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    Latest News