ගර්භණී රෝගී මව්වරුන්ට අවශ්‍ය ප්‍රතිකාර පැය 24 පුරා

ඔක් 31, 2020

    ගර්භණී රෝගී මව්වරුන්ට අවශ්‍ය ප්‍රතිකාර පැය 24 පුරා ලබාදීමට සියලු රජයේ රෝහල්වලට උපදෙස් ලබාදී ඇතැයි, පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

    මව්වරුන්ට උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, යෝනි මාර්ගයෙන් අධික රුධිරය හෝ ශ්‍රාවය පිටවීම, බබා දැඟලීම අවමවීම, ක්ලාන්තය හෝ සිහිසුන්වීම, වලිප්පුව, අධික උදර වේදනාව, සිරුර ඉදිමීම, අධික හිසරදය හෝ අනෙකුත් ඕනෑම අවදානම් ලක්ෂණයක් පවතී නම් වහාම ළඟම ඇති රජයේ රෝහල වෙත වාර්තා කළ යුතුය.

    ප්‍රතිකාර ගැනීම කිසිදු හේතුවක් මත ප්‍රමාද නොකළ යුතු බව, එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ගර්භනී සටහන් පත, ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකිය. ගැටලුවකදී, ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මෙන්ම පවුල් සෞඛ්‍ය නිලධාරි ඇමතිය හැකිය.

    එමෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 දුරකතන අංකය ද භාවිත කළ හැකිවේ. රෝගී අවස්ථාවකදී, 1990 සුවසැරිය ගිලන්රථ සේවාව ද ලබාගත හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

    Latest News