නිරෝධායන ඇඳිරි නීතිය පොලිස් වසම් 117ක

ඔක් 31, 2020

    නිරෝධායන ඇඳිරි නීතිය මේ වනවිට පොලිස් වසම් 117ක ක්‍රියාත්මකයි.

    ඒ, බස්නාහිර පළාතේ පොලිස් වසම් පොලිස් වසම් 112කට සහ කුලියාපිටිය කොට්ඨාසයේ පොලිස් වසම් 5කට ද ඇඳිරි නීතිය පනවා තිබේ. පොලිසිය මාර්ග බාධක යොදා අධිවේගී මාර්ග ඇතුළු සියලුම මාර්ග පරීක්‍ෂාව සිදු කරයි. මේ දක්වා නිරෝධායන ඇඳිරි නීතිය කඩකල පුද්ගලයන් 1451ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඉන් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදී. ඊයේ පුද්ගලයන් 221ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් බාරයට ගත් වාහන සංඛ්‍යාව 40ක්.

    Latest News