රට අරාජික කිරීමට කිසිසෙත් ඉඩ ලබාදෙන්නේ නැති බවත් සිදු කරන කඩාකප්පල්කාරි හා අන්තවාදී ක්‍රියා වහාම මේ මොහොතේ සිට නතර කළ යුතු බව ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පති ලෙස අවවාද කරමින් අනතුරු අඟවනවා යැයි වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියි.
රටේ සාමය මෙන්ම හදිසි නීතිය සහ පොලිස් ඇදිරිනීතිය කඩකරන්නන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමේ සම්පූර්ණ බලතල ආරක්ෂක අංශ වෙත පවරා ඇති බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඊයේ සඳහන් කළේය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදලේ පස්වන වාරිකය නිදහස් කිරීමට අනුමැතිය හිමි වේ.