ඉන්දීය සිනමාවේ ඉහළම සම්මානයත් බච්චන්ට

දෙසැ 30, 2019

විශිෂ්ට ඉන්දීය නළු අමිතාබ් බච්චන්ට ඉන්දීය සිනමාවේ ඉහළම සම්මානය වන 'දදාසාහෙබ් පල්කේ' සම්මානය පිරිනමා තිබේ.

එරට ජනාධිපති රාම්නාත් කෝවින්ද්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයකදී සම්මානය පිරිනැමිණ. නවදිල්ලි අගනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයට අමිතාබ් බච්චන්ගේ බිරිඳ වන ප්‍රවීණ සිනමා නිළි ජායා බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් ද එක්ව සිටියේය. ඉන්දීය සිනමාවේ අභිවෘද්ධිය උදෙසා බොලිවුඩ් කලාකරුවන්ට 'දදාසාහෙබ් පල්කේ' සම්මානය පිරිනමයි. අදාළ සම්මානය සෑම වසරකම පිරිනමන අතර අමිතාබ් බච්චන්ට මෙවර එය පිරිනැමුණේ ඔහු සමස්ත ඉන්දියාවේ ජනප්‍රියම රංගන ශිල්පියා ලෙස ද නම් කරමින්.

70 දශකයේ මුල් භාගයේ සංජීර් චිත්‍රපටයේ විශේෂ චරිත නිරූපණයෙන් පසු, රසිකයන් බච්චන් දේවත්වයෙන් සැලකූ බවයි, එරට මාධ්‍ය වාර්තා කරන්නේ. 2007 වසරේ බීබීසී නාලිකාව සිදු කළ මත විමසුමක දී සහශ්‍රයේ ශ්‍රේෂ්ඨතම තරුව ලෙස ඔහු තේරී පත්විය. මෙවැනි විශිෂ්ඨතා රැසකින් සමන්විත අමිතාබ් බච්චන් ලන්ඩනයේ මැඩම් ටුසෝඩි කෞතුකාගාරයේ ඉටි පිළිමයකට නැඹුරු ප්‍රථම ඉන්දීය සිනමා නළුවා ද බවට ද පත්වන්නේ, ඔහුගේ විශිෂ්ඨත්වය තවදුරටත් ලොව හමුවේ ප්‍රදර්ශනය කරමින්.

Last modified on සදුදා, 30 දෙසැම්බර් 2019 10:58

Related items

  • 74c64c8d401cdb360d605af850f672bc S
    සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේදී ජාතික රූපවාහිනියටත් සම්මානයක්
  • 9198e30fca056ee2e3ce4e2e2a935722 S
    'ශ්‍රීලංකන් Airlines' දිනූ තවත් සුපිරි සම්මානය
  • මාධ්‍ය මෙහෙයවර අගයමින් අමිල සම්පත්ට සම්මානයක්
  • සේදමාවතේ කීර්තිමත් තානාපති;සම්මානය ශානිට (ඡායාරූප)

Latest News