අද සහ හෙට (17 - 18) බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හම්බන්තොට, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

චීන-ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබදතා තහවුරු කිරීමේ අරමුණෙන්, චීන ජනරජයේ තානාපති, Cheng Xueyuan මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග සුහද හමුවකට සහභාගී විය.

වරදකරුවන් භාර දීමේ පනත යටතේ නියමය සහ ණය සහනදායක ආඥාපනත යටතේ නියෝගයක් අද (6)  පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණ.

කලපු ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය සඳහා මහනගර සංවර්ධනය හා ධීවර අමාත්‍යාංශය ඒකාබද්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව, රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේත් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්වයේ අඩු වීමක් ලබන 11 වැනි දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.

5 වසර ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටීම සියලු දරුවන්ට අනිවාර්ය කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ඉවත් කිරීමට කටයුතු කරන්නැයි තමන් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.