සිය ඉල්ලීම් ලබා දී තිබිය දීත් වැටුප් විෂමතා මුල්කරගනිමින් දුම්රිය රියදුරන්,නියාමකවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය 7වැනි දිනටත් නිමාවට පත්ව නොමැති බව ජනතාවට පවසයි.

ආර්ථික,ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍ර රැසක ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට කැපවන බව, බ්‍රසීලය පවසයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය ඇතුළු අභියෝග රැසක් මධ්‍යයේ ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ වලට නිසි පිළිගැනීමක් ලබාදිය යුතු බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය පවසනවා.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙසෙන නිවාසවලට නව විදුලි සබඳතා ලබාදීමේ දී විශේෂ ප්‍රමුඛතාව ලබා දෙන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සංගමයේ විශේෂ සාකච්ජාවකදීයි.

උතුරු හා නැගෙනහිර පළාත්වල බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන සඳහා තවත් යුරෝ මිලියන 4ක ප්‍රදානයක් සිදු කිරීමට ජර්මනිය එකඟවී තිබේ.

ඊයේ රාත්‍රී පැවති අධික සුළං නිසා දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීමෙන් කැලණි වැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිවු දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.

ලබන 20 වැනිදා දක්වා මන්නාරම සිට පුත්තලම,කොළඹ,ගාල්ල,හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදේ රළු ස්වභාවය නිසා ධීවර කටයුතු නොයෙදෙන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මාලඹේ සිට කොළඹ කොටුව දක්වා සැහැල්ලු දුම්රිය මාර්ග සේවා සංක්‍රමණ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය කොළඹ දී අද සවස පැවැත්වේ.

ඉකුත් වසරේ පමණක් මෙරටින් ඒඩ්ස් රෝගීන් 350 දෙනෙකු වාර්තා වී ඇතැයි, ජාතික ඒඩ්ස් කමිටුව පවසයි.