а·Ђа·ђа·ѓа·Ља·ѓ а¶єа·…а·’ а¶ёа·”а·Ђа·„а¶­а·Љ а·Ђа·™а¶єа·’

а¶ўа¶± 28, 2025
අද (28) සිට ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
 
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.
 
දිවයිනේ නිරිතදිග කොටසේ අහස වළාකුලින් බරව පවතිනු ඇති.
 
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරනවා.
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
 

Latest News

681e4963ceff2dd306898a7ed6fc741d Generic

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 08කට ස්ථාන මාරුවීම්

а¶ёа·Џа¶»а·Љ 07, 2025

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

а¶Їа¶»а·”а¶ља¶ёа¶§ а·„а¶Їа·Џа¶ња¶­а·Љ а¶Їа¶»а·”а·Ђа·™а¶ља·” а¶ёа¶»а·Џа¶ња¶­а·Љ а¶єа·”а·Ђа·…а¶ља¶§ а¶ёа¶»а¶«а·“а¶є а¶Їа¶«а·Ља¶©а¶±а¶є

а¶ёа·Џа¶»а·Љ 06, 2025

Ce8339cf8f763de970a00c9734af7049 Generic

а¶єа·Џа¶ґа¶±а¶єа·љ а·Ђа·Џа¶єа·” а¶Їа·–а·‚а¶«а¶є а¶…а·Ђа¶ё а¶ља¶»а¶±а·Ља¶± а·Ђа·ђа¶·’а·…а·’а·Ђа·™а¶Ѕа¶ља·Љ а·ѓа¶ља·ѓа¶± а¶¶а·Ђ а¶±а·“а¶­а·’а¶ґа¶­а·’ а¶…а¶·а·’а¶єа·Џа¶ а¶±а·Џа¶°а·’а¶ља¶»а¶«а¶єа¶§ а¶Їа·ђа¶±а·”а¶ёа·Ља¶Їа·™а¶єа·’

а¶ёа·Џа¶»а·Љ 06, 2025

Ffc1f5715c6ac8d2d80230cd8fad38c2 Generic

а¶ґа·”а¶‚а¶ а·’ а¶ёа¶Ѕа·Љ а¶ља·ђа¶ља·”а·…а¶ља¶§ а¶Їа·’а·Ђа·’ а¶…а·„а·’а¶ёа·’ а¶ља·… а·Ђа·™а¶©а·’а¶Ѕа·Ља¶Ѕ

а¶ґа·™а¶¶ 28, 2025