ජාතික රූපවාහිනියේ 43 වැනි සංවත්සරය අදයි

පෙබ 15, 2025

දශක 4 කට අධික කාලයක් සිය ජාතික මෙහෙවර නොපිරිහෙලා ඉටු කරමින් සිටින ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අද සිය "43 වැනි සංවත්සරය" සමරනවා.

ශ්‍රව්‍ය දෘෂ්‍ය සම්ප්‍රදායේ ශ්‍රී ලාංකේය අ‍නන්‍යතාව ලොවට ගෙනයාමට ජාතික රූපවාහිනී යුග මෙහෙවර එදත්, අදත් ජනතාවගේ ඉහළ සම්භාවනාවට පාත්‍ර වී තිබෙන්නක්.

පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කෙරුණු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විකාශ ආරම්භ කෙරුණේ, 1982 පෙබරවාරි 15 වැනි දිනයි.  මෙය, ජපාන රජයේ පරිත්‍යාගයක්.

මෙරට රූපවාහිනී ක්‍ෂේත්‍රයේ පුරෝගාමියා වෙමින් ඒ සඳහා උසස් ප්‍රමිතියක් සහ කලාත්මක පරිසමාප්තියක් හඳුන්වා දුන්නේ, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවයි.

මෙරට නිල විද්‍යුත් සන්නිවේදකයා ලෙස සමාජ ප්‍රගමනය උදෙසා පැවරෙන සියලු වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට රූපවාහිනී සංස්ථාව නිරන්තරයෙන් කැප වී සිටිනවා.

ප්‍රේක්ෂකයන්ගේ ඉහළ රසඥතාව වෙනුවෙන් ජාතික රූපවාහිනිය, චැනල් අයි, නේත්‍රා යන නාලිකා 3 ක් ඔස්සේ වැඩසටහන් විකාශය ‍කෙරෙනවා.

සිංහල, දෙමළ, ඉංග්‍රීසි, භාෂා ත්‍රිත්වයෙන්ම වැඩසටහන් නිෂ්පාදනය කරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විශේෂයෙන්, මෙරට  ජාතික හා ජාත්‍යන්තර සජීව විකාශයන්වලද එදා මෙන්ම අදත්, නියමුවා සහ ප්‍රමුඛයායි.

ජනකොටස් අතර අන්‍යෝන්‍ය ගෞරවය, සුහදතාව සහ විශ්වාසය ශක්තිමත් කිරීමට දායකවෙමින් රූපවාහිනි සංස්ථාව රටේ සංහිඳියා ක්‍රියාවලිය වෙනුවෙන් ඉටු කරමින් සිටින්නේ, සුවිශේෂී මෙහෙවරක්.     

Latest News

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

දරුකමට හදාගත් දරුවෙකු මරාගත් යුවළකට මරණීය දණ්ඩනය

මාර් 06, 2025

Ce8339cf8f763de970a00c9734af7049 Generic

යාපනයේ වායු දූෂණය අවම කරන්න වැඩපිළිවෙලක් සකසන බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි

මාර් 06, 2025