කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි ශන්මුගන් ඉලංගෝවන් නමැති පුද්ගලයෙකුට හෙරොයින් ළග තබා ගැනීම හා ජාවාරම්කිරීම යන චෝදනාවලට කොළඹ මහාධිකරණය මරණ දඩුවම නියම කළේය. 

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව පොලිසිය විසින් ගොනු කර තිබෙන නඩුව මැයි මස 13 දා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

දැනට බන්ධනාගාර ගතව සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පොලිසිය විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල අගෝස්තු මස 05 වනදා යළි කැඳවන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

එල්ටීටීඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට සඳහන් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහෙෂ්වරන් මහත්මිය සම්බන්ධ නඩුවේ නීතිපති උපදෙස් සඳහා ලබන මැයි මස 10 වැනි දින තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (22) නියෝග කළාය.

අභියාචනාධිකරණයේ නියෝගය පරිදි තමන්ව ලියාපදිංචි නොකිරීමෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් කළේ යැයි චෝදනා කරමින් සයිටම් වෛද්‍ය උපාධිධාරිනියක විසින් ඉදිරිපත් කළ පෙත්සම ලබන මස 06 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (21) නියම කර තිබේ.

ශ්‍රි ලංකාවට ආනයනය කළ බිඩි කොල අඩංගු කන්ටේනරයක් රුපියල් මිලියන 40 ක බදු නොගෙවා නීතිවිරෝධී ලෙස මුදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඉකුත්දා ඇප මත මුදා හැර සිටි නූර්දීන් ෆසාල් අහමඩ් නමැති සැකකරුගේ ඇප අවලංගු කල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම සැකකරු ලබන 25 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අද නියෝග කළේය.

ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා භාරදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් යොමු කර තිබේ.

අතුරුදන්ව සිටින ජ.වි.පෙ. හිටපු නායක රෝහණ විජේවීර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

අධිකරණයට අපහාස කළේ යැයි උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතාට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල ලබන 21 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කර ඇත.

සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් (අලි රොෂාන්) ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට  එරෙහිව ගොනුකර තිබූ නඩුවේ චෝදනා පත්‍රය අද කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ කියවන ලදී.