පාස්කු වන්දි ගෙවූ ආකාරය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තාවක්

පෙබ 27, 2025

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් දුන් තීන්දු අනුව අය කරගත් මුදල් වලින් රුපියල් මිලියන 245ක් එම ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් පුද්ගලයින්ට ගෙවා තිබෙන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

එම වන්දි ගෙවා තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ පෙත්සම් 12 ක් අද අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු එස්. තුරෙයි රාජා සහ ඒ.එච්.එම්.ඩී.නවාස් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගවලට අදාළව රුපියල් මිලියන 311 ක මුදලක් වන්දි වශයෙන් හානි පූර්ණ කාර්යාලයට ලැබී තිබෙන බවයි.

ඉන් පසුගිය ජනවාරි මස 31 වන දා වන විට රුපියල් මිලියන 245 ක මුදලක් වන්දි වශයෙන් වින්දිතයින්ට ගෙවා තිබෙන බවත් ඇය අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව ප්‍රහාරයෙන් විඳිතයින් බවට පත්ව පුද්ගලයින් 412 දෙනෙකුට මේ යටතේ වන්දි ගෙවා තිබෙන බවත් ඊට මියගිය පුද්ගලයින් 215 දෙනෙකු ඇතුළත් වන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කලා.

ඒ අනුව අධිකරණ නියෝග මත ලැබුණු වන්දි මුදල් වලින් තවත් මිලියන 65 ක් ඉතිරිව තිබෙන බවත් ඒවා වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය කරන වින්දිතයින් සහ වින්දිත වැඩිහිටියන්ගේ රැකවරණ කටයුතු සඳහා යෙදවීමට අපේක්ෂා කරන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය පැවසුවා.

මෙහිදී කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා සහ පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම වන්දි ගෙවීම් කටයුතු වලට අදාල සවිස්තර වාර්තා තමන් වෙත ලැබී නොමැති බව සඳහන් කළා.

මෙම වාර්තා පෙත්සම්කාර පාර්ශ්වයට ලබා නොදුන්නේ ඇයි දැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරියගෙන් ප්‍රශ්න කළ අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය මෙම නඩුව අද කැඳවනු ලබන්නේ වින්දිතයින්ට වන්දි ගෙවා තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීමට බවත් සිහිපත් කළා.

එහෙත් එම වාර්තා පෙත්සම්කාර පාර්ශ්වයට ලබාදී නොතිබීම නිසා මෙම නඩුව අද දින කැඳවීමේ අරමුණ ඉටු නොවන බවත් අගවිනිසුරුවරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.

ඒ අනුව වින්දිතයින්ට වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් කාදිනල් තුමා ඇතුළු පෙත්සම්කාර පාර්ශවයට නොපමාව ලබාදෙන ලෙස නියෝග කළ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල එම කටයුතු විමසා බැලීම සඳහා මෙම නඩුකරය ලබන මැයි මස 21 වනදා කැඳවන බවත් නියෝග කළා.

සංජීවගේ ඝාතනයට සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට පුංචි මල් කැකුළකට දිවි අහිමි කළ වෙඩිල්ල

Latest News

Cfe9c50cbaaab1bf3cf4cc1ab6379d04 Generic

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි වෙයි

අප්‍රේ 08, 2025

23e3f038dd01f81919bf8670a6cb25b5 Generic

RCB පිටියේ වැඩ පෙන්වයි

අප්‍රේ 08, 2025

853bdeb279b374e842422313f4e63b87 Generic

ඉන්දුනීසියාව සෙළවෙයි

අප්‍රේ 08, 2025

1dfaef7c3a401716a6f895c0a1334050 Generic

ගන්දර වෙඩිතැබීමට සැකකරුවන් 02ක් පොලීසියට භාරවෙයි

අප්‍රේ 08, 2025

96920214ec0a4fd2674b6e808afb5fec Generic

රාමසාන් උත්සවයට ජනපතිගෙන් සුභාසිංසන

මාර් 31, 2025

57145b6072c90b7d688828b7a5003de4 Generic

වසරේ සම්මානනීය නාලිකාවේ අභිමානය සමගින්, ජාතික රූපවාහිනියට රයිගම් ටෙලිස් සම්මාන 12ක්

මාර් 30, 2025

265c0935061b7284447107ff85238eb6 Generic

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන නිල නිවේදයක්

මාර් 28, 2025

1e92c603ad3eed269b2d90456cda3d3c Generic

ප්‍රදේශ රැසකට ලොකු වැස්සක්

මාර් 28, 2025