හරීන්ට සහ මනූෂට එරෙහිව සජබෙන් විනය පියවර

මැයි 20, 2022

ආණ්ඩුවට සම්බන්ධවී අද (20) අමාත්‍ය ධූර ලබාගත් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරට එරෙහිව විනය පියවර ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ආණ්ඩුවට සම්බන්ධ නොවී විපක්ෂයේ සිට ආණ්ඩුවේ යහපත් කටයුතු සඳහා ධනාත්මක දායකත්වයක් ලබාදීමට පක්ෂය විසින් තීන්දු කළ බවයි ඔහු සඳහන් කරන්නේ.

අද පෙරවරුවේ හරීන් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙසත් මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙසත් අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 

Related items

ශ්‍රී ලංකා – IMF තාක්ෂණික සාකච්ඡා ලබන 24වැනිදායින් අවසන් ගාලු මුවදොර විරෝධතාවට අදට දින 42 යි...(වීඩියෝ)

Latest News