රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව 10වැනි වරටත් සංවිධානය කරන ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය කොළඹ නගරයේ දී ඔක්තෝබර් 21 සහ 22 වන දින පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇතැයි නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පවසයි.

නාවික හමුදාව විසින් තලෙයි මන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයේ ඊයේ (05) සිදු කළ ‍සෝදිසි කිරීමකදි බීඩිකොළ කිලෝග්‍රෑම් 1050 ක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන තිබේ.

නාවික හමුදාව විසින් ඊයේ (03) යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදි අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත් ව ඇත.

ගාල්ල, දොඩන්ගොඩ පාලම සහ වක්වැල්ල පාලම යට ප්‍රදේශයන් ජලය බැස යාමට නොහැකි වන සේ අවහිර වී පැවති ශාක කොටස් ඉන් ඉවත් කර ජලය බැසයාම විධිමත් කිරීමට නාවික හමුදාව ඊයේ කටයුතු කළේය.

නාවික හමුදාව කෝකිලායි, කල්ලරාව මංසන්දියේ සිදුකල සෝදිසි කිරීමකදී අත් බෝම්බයක් සොයා ගෙන තිබේ.

පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් බද්දේගම, ඉඳිගස්කැටිය ජල පොම්පාගාරයේ සිර වු අපද්‍රව්‍ය ඉවත් කිරිමට ඊයේ (24) වන දින නාවික හමුදාව සමත් විය.

නාවික හමුදාව ‌සහ මන්නාරම කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය එක්ව අද (24) අළුයම සිදු කළ සෝදිසි කිරිමකදි මන්නාරම, වංකාලේ ප්‍රදේශයේදී කොකේන් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983ක් නාවික හමුදා බාරයට ගෙන තිබේ.

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවිමට උත්සාහ කළ ශ්‍රීලාංකීක පුද්ගලයින් දහසය දෙනෙකු (16) ඊයේ (19) නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ජුලි 10වැනි දින නාවික හමුදා බාරයට ගැනුණු ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකුට අයත් දේශීය බහුදින යාත්‍රාවක තිබී හෙරොයින් බවට සැක කෙරෙන කිලෝ 85කට ආසන්න ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.

දෙවුන්දර, තලල්ල මුහුදේ ගිලෙමින් සිටි විදේශිය ජාතිකයින් දෙදෙනෙකුගේ (02) දිවි බේරා ගැනීමට නාවික හමුදාව සමත් විය.

Latest News